කොරෝනා වෛරසය මර්දනය කිරීමේ වැඩසටහන සඳහා දායක වීමට ඉන්දීය හමුදා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට යැවීමට සූදානමක් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුන අතර මෙම වාර්තා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් අද (22) දින ප්‍රතික්ෂේප කර ඇත.
ඔවුන් වැඩිදුරටත් පවසන්නේ කිසිදු වෛද්‍ය කණ්ඩායමක් හෝ හමුදා කණ්ඩායමක් ලංකාවට නොපැමිණෙන බවත් එම වාර්තා සියල්ල අසත්‍ය බවත් ය.
පසුගිය අඟහරුවාදා (21) දින ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුනේ, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය හා ඇෆ්ගනිස්ථානය යන රටවල්වල කොරෝනා මර්දනය වැඩසටහන් සඳහා දායක වීමට ඉන්දීය හමුදා කණ්ඩායම් පිටත් කර හැරීමට නියමිතව ඇති බවයි.
