ඉකුත් අප්‍රේල් 10වැනිදා දක්වා එංගලන්තයෙන් හා වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වී සැබෑ කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව බ්‍රිතාන්‍ය රජය විසින් දිනපතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබූ සංඛ්‍යාවට වඩා සියයට 41 කින් වැඩි බව බ්‍රිතාන්‍යයේ ජාතික සංඛ්‍යා ලේඛන පිලිබඳ කාර්යාලය නිවේදනය කර තිබේ .
බ්‍රිතාන්‍ය රජය විසින් දිනපතා ප්‍රකාශ කරනු ලබන කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව රෝහල්වල සිදු මරණ සංඛ්‍යාව පමණක් බව පෙන්වා දෙන එම කාර්යාලය එයට පුද්ගලික රෝහල් ,සාත්තු නිවාස හා පුද්ගලික නිවාසවල කොරෝනා වෛරසයෙන් ආසාදිතව මිය යන අයගේ සංඛ්‍යා ලේඛන ඇතුළත් කර නොමැති බව අවධාරණය කර සිටි .
මේ අනුව කොරෝනා වෛරස් ආසාදනයෙන් අප්‍රේල් 10 වැනිදා වන විට එංගලන්තයේ හා වේල්සයේ මිය ගිය සැබෑ සංඛ්‍යාව 13,121 දෙනෙකු වන අතර බ්‍රිතාන්‍ය රජය විසින් එය ප්‍රකාශ කරන ලද්දේ මරණ 9288ක් වශයෙන් බව එම කාර්යාලය වැඩි දුරටත් කියා සිටී.
ජෝන් හෝප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත වාර්තා අනුව මේ වන විට මහා බ්‍රිතාන්‍යයේ වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 129,044 ක් වන අතර වාර්තා වූ මරණ සංඛ්‍යාව 17,337ක් වේ.
මේ අතර, කොරෝනා වෛරසය වැළඳී සුව අතට හැරෙමින් සිටින බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දුරකථන ඇමතුමක් ලබා දී තමාගේ සුව දුක් විමසීම පිළිබඳව ස්තූතිය පළ කර ඇති බව වාර්තා වේ. එමෙන්ම, කොරෝනා වෛරසය මර්දනය සඳහා ඇමරිකාවත් බ්‍රිතාන්‍යත් එකතු වී කටයුතු කිරිම පිළිබඳව අවධානය යොමු කර ඇත. එසේම, මෙම සතිය තුළ දී බ්‍රිතාන්‍යයේ රැජින වෙත ද දුරකථන ඇමතුමක් ලබා දීමට ඔහු අපේක්ෂා කරන බව වාර්තා වේ.
කොරෝනා වෛරසය වැළඳී සතියක් පමණ රෝහල්ගතව සිටි බ්‍රිතාන්‍යය අගමැතිවරයා දින 03ක් දැඩි සත්කාර ඒකකයේ ද පසුවිය. දැනට බකිංහැම්ෂයර් හි පිහිටි ඔහුගේ නිල නිවසක විවේකීව පසුවන අගමැතිවරයා නිල වශයෙන් කිසිදු රාජකාරි කටයුත්තක නියැලෙන්නේ නැති බව ද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.
