Advertise with Giraya
NEWS

පෑලියගොඩ මාළු වෙළඳුන් 350ක් PCR පරීක්ෂණයට

ඊයේ (21) දිනයේදී PCR පරීක්ෂණ 600 කට ආසන්න ප්‍රමාණයක් සිදුකල බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.

විශේෂයෙන්ම ඛේත්තාරාම ක්‍රීඩාංගනය අසල පිහිටි ප්‍රදේශය, ඉකුත් දා බොරලැස්ගමුවෙන් වාර්තා වූ කොරෝනා ආසාධිත පුද්ගලයා ආ ගිය කොට්ටාව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයෙන් ඊයේ දිනයේදී PCR පරීක්ෂණ සිදුකළ බවට ඔහු කියා සිටියා.

එම පරීක්ෂණවල වාර්තා බොහොමයක ප්‍රථිපල අද දිනයේදී ලැබීමට නියමිත බවද මෙහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියා.

Giraya News Alerts

මේ අතර පිළියන්දල ප්‍රදේශයෙන් පෙරේදා වාර්තා වූ කොරෝනා ආසාධිත රෝගියා මාළු මිලදී ගැනීම සඳහා ගිය පෑලියගොඩ තොග මාළු වෙළද සංකීර්ණයේ ව්‍යාපාරිකයින් 350 කට ආසන්න පිරිසකට අද (22) දිනයේදී PCR පරික්ෂණයන් සිදුකිරිමට නියමිතව ඇත.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයේ වෙළඳ කටයුතු තොග වෙළඳාමට පමණක් අද සිට සීමා කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව සිල්ලර වෙළඳ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top