Advertise with Giraya
NEWS

කොළඹ බණ්ඩාරනායක මාවතේ පුද්ගලයින් 1010ක් නිරෝධායනයට

කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ පදිංචි පවුල් 242කට අයත් පුද්ගලයන් 1010ක් නිරෝධානය කිරීම සඳහා යුද හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ, කොළඹ බණ්ඩාරනායක මාවතේ කොරෝනා වෛරසය ආසාදිත කාන්තාවක හමුවීමත් සමඟ එම ප්‍රදේශයේ නිරෝධනයට ලක්කළ පුද්ගලයන් 232 දෙනකුගෙන් 55 දෙනකුම මේ වන විට කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇති පසුබිමකය.මෙම පිරිස් වලින් 19 දෙනකු අංගොඩ අයි.ඩී.එච්. රෝහලටද,තවත් 6 දෙනකු වැලිසර රෝහලට ද, ඉතිරි පිරිස නිරෝධායන කඳවුරු වලින් ළඟම ඇති රෝහල්වලටද යොමුකිරීමට පියවර ගෙන ඇතැයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසයි.

එම පිරිසට වෛරසය වැළඳී ඇත්තේ එම ප්‍රදේශයෙන් වාර්තා වූ කාන්තාවගෙන් බව සැක පහළ කරයි. ඇය විදේශගතව සිට පැමිණ රෝගය වැළඳී තිබියදී පැරසිටමෝල් පානය කරමින් වගකීමෙන් තොරව කටයුතු කර ඇතැයි ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කරයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top