Advertise with Giraya
NEWS

අද තවත් ආසාදිතයින් 06ක් හඳුනා ගැනේ… සක්‍රීය ආසාදිතයන් ගණන 200 ඉක්මවා යයි

Update at 5.58 PM

අද පස්වරුවේ තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කර සිටියි. ඒ අනුව, අද (21) දිනය තුළ වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 06ක් වේ.

එසේම, අද දිනයේ දී තවත් රෝගින් දෙදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඒ අනුව රෝගය සුව වී ඇති ප්‍රමාණය 100ක් වේ. රෝහල්වල ප්‍රතිකාර ලබන සක්‍රීය ආසාදිතයන් ගණන 203ක් දක්වා වැඩි වී ඇත.

Giraya News Alerts

මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 310 දක්වා වැඩි වී ඇත.

_____________________________________________________________________________

අද (21) පෙරවරුවේ තවත් කොරෝනා වෛරසය ආසාදිත වූවන් 05 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 309 දක්වා වැඩි වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි.

එසේම, එම වාර්තා වීමත් සමඟ ප්‍රථම වරට මෙරට සක්‍රීය ආසාදිතයින් ගණ 200 ඉක්මවා ගොස් ඇත. දැනට රෝහල්ගතව සිටින ආසාදිතයින් ගණන ඒ අනුව 204ක් වේ.

සුවය ලබා රෝහලින් පිට වූ රෝගීන් ගණන 98කි. වාර්තා වූ මරණ සංඛ්‍යාව 07ක් වේ. දැනට සැක පිට රෝහල්ගතව සිටින ගණන 122ක් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top