අද වනවිට විපක්ෂය කොරෝනාවට වඩා බියවෙලා තියෙන්නේ මැතිවරණයකට බව හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.
අපේ රටේ පෙර පිනකට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුණේ්. සජිත් මහතා බැරිවෙලාවත් ජනාධිපති වුණානම් රටේ ජනතාවට සියලූම දෙවි දේවතාවන් ගේ පිහිටයි. ඒ විතරක් නොවෙයි එහෙමනම් අපේ රට ඇමරිකාව පරදවලා ගොස් අංක එකට වසංගතය ව්‍යාප්ත කරගත් රටක් බවට පත්වෙනවා නිසැක යැයි හිටපු රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කර තිබුනේ ‘දිවයින’ පුවත්පතට තම අදහස් පළ කරමින් ය. එය පහතින් දැක්වේ.
“කොරෝනා නිසා මියගිය හා රෝගී වූවන්ගේ ගණන රජය විසින් වසන්කරන බව පවසමින් විවිධ මාධ්‍ය සංදර්ශන පවත්වන විපක්ෂයේ යම් මන්දබුද්ධික දේශපාඥයන්ගේ වාචාල කතාවලට රටේ ජීවත්වන බුද්ධිමත් ජනතාව ඉදිරියේදී පවත්වන මැතිවරණයේදී ජනාධිපතිවරණයට දුන් පිළිතුරට එහා ගිය පිළිතුරක් ලබාදේවී.
ඒ බව දන්නා නිසා භූමිතෙල් ඇඟේ ගෑවිච්ච ගැරඬියෝ මෙන් සමහර දේශපාලඥයෝ අද එකක් කියනවා, හෙට එය නිවැරදි කර කියන තරමටම පත්වෙලා අවසානයි. ඒ අය බලාගෙන සිටියේ ජන ජීවිතය කඩාවැටිලා මිනිසුන් මංමුලාවෙලා දඟලනකම්. එතරම් අඥාන ජනතාවක් අපේ රටේ නැති නිසා තමයි මෙම ව්‍යසනයෙන් අප රට මුදාවාගැනීමේ මංපෙතට යාමට හැකි වුනේ. එනිසා තමයි රජය විසින් ගෙන ගිය විශාල වැඩපිළිවෙල සාර්ථක වුණේ්. මේ වනවිට පවුල් එක් ලක්ෂ පනස්ගානකින් සියයට අසූවකට වැඩි පිරිසකට රුපියල් පන්දාහේ ආධාරයේ සිට අනිකුත් උපකාර කරන්න හැකිවුණෙත් තව ඉදිරියට කරන්න හැකිවන්නෙත්. ඒ වගේම මෙම කටයුත්තේදී ආරක්ෂක අංශ වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ සිට සුළු කම්කරුවා දක්වාමත් එකා මෙන් රටට සහ ජනතාවට ඇති ආදරය මත කැපවී කටයුතු කළා.
ඉන් එහා ගිය කටයුත්තක් කරමින් ජනාධිපති කාර්යසාධක බලකායේ බැසිල් රාජපක්ෂ මහතා සිටි නිසාම එම කාර්ය සාධක බලකා එකකය හරහා ආරක්ෂක අංශ වෛද්‍යවරුන්ගේ සේවාවට පිටින් සෞඛ්‍ය ඇමැතිතුමියවත් රටේ විවිධ අංශවල සිටින පරිපාලන නිලධාරියාගේ සිට ග‍්‍රාමසේවක නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, දේශපාලන ක්ෂේත්‍රයේ සියල්ලන්ම ගමේ පළාත් පාලන මන්ත‍්‍රීවරයා තෙක් එක් වළල්ලක් මෙන් එකට එක්කරමින් ගොවිපොළවල්වල ගොවියාගේ එළවළුටික කුණුකර විසිකරන්න නොදී ඉතා සෞඛ්‍යාරක්ෂිතව මිලදී ගෙන ජනතාව වෙත ලබාදීමේ වැඩපිළිවෙළක් තැනුවා. ඒ සියල්ලටම රටේ ස්තුතිය පුදකරන්න අවශ්‍යමයි. ඒ යාන්ත‍්‍රණය නොතිබුණානම් තරමක් අපහසුවන්න ඉඩ තිබුණා. ඒ නිසා තමයි මේවනවිට විපක්ෂයට බැසිල් රාජපක්ෂ භීතිකාවක් වැළඳිලා තියෙන්නේ. අපි මොකද කරන්නේ විපක්ෂයට මේ දක්වාම බැසිල් රාජපක්ෂ කෙනෙක්ව තනාගන්න බැරිඋනාට.
එදා හැටහත්වතාවක්ම බෝම්බ ගහනවා කියූ වෙලාවේ එවකට සිටි නායකයෝ ඇතුළු පාලකයෝ බීරි අලියෝ මෙන් බෝම්බ ගහනකම්ම ඉවත බලාගෙන සිටියා. දැන් සිටින නායකයා එහෙම කෙනෙක් නොවේ. විශේෂඥ වෛද්‍යවරුන් එතුමාට කථාකර එක් වතාවයි පැවසුවේ රටේ කොරෝනා වසංගතයේ දරුණුකමක් ඇතිවෙනවා ඒ නිසා රට වහන්න අවශ්‍යයි කියා. එයට සවන්දුන් රටේ නායකයා එය ක්ෂණිකවම ක‍්‍රියාත්මක කළා. එදා එහෙම සිදුවුණේ ආරක්ෂක අංශවල අය, පොලිස්පති, ආරක්ෂක ලේකම්ලා, කියපු කිසිවකටවත් කන්නොදුන් නායකයා ඇතුළු කැබිනට් එකක් තමයි රට පාලනය කලේ. එය බොහෝදෙනෙකුට තේරෙන්නේ නැතුව වගේ සිටියට රටට ආදරේ කරන බුද්ධිමත් ජනතාව එය තේරුම් කරගෙන තමයි ඉන්නේ. ඒ නිසාම තමයි විපක්ෂයේ අය බියවෙලා ඉන්නේ. ඒ අය හිතුවා මේ ප‍්‍රශ්නය ජනාධිපති තුමා සහ වත්මන් කැබිනෙට්ටුවම හත්පොළේ ගාගනීවී කියා. කවදාවත් එහෙම වෙන්නේ නැහැ. එහෙම නොවන්නේම සෘජු නායකයෙක් අපේ රට පාලනය කරන නිසා බවත් කියන්න ඕනෑ.
අනික රටේ සුදුසුම වාතාවරණයක් වනතුරු ඡන්දයක් පවත්වන්න ජනාධිපති තුමා ඇතුළු අගමැතිතුමා ක‍්‍රියානොකරන බවත් අපි දන්නවා. හැබැයි ඡන්දේ තියන්න අවශ්‍ය ඕනෑම වෙලාවක අපි එයට මුහුණදීමට සැරසී සිටිනවා. තාමත් අප රජය පාසැල් විවෘත කරන අවදානම සහ ආයතන විවෘත කිරීම වැනි දේ ගැන ඉතා නිවැරදිව කි‍්‍රයාකරමින් සිටිනවා. රට ඉතා ක‍්‍රමානුකූලව නැවත නැගිට්ටවිම සිදු කරනවා. අපි සමස්ත රටවැසියන්ම ඉතා සංතෝෂ වියයුතු කාරණයක් තියෙනවා. අද ඇමරිකාවයි ආසියාතික රටක්වන අඩුපහසුකම් ඇති අපේ රටයි තියෙන ස්ථානය ගැන බලනකල.
පසුගිය වසරේ පාස්කු 21 ඉරිදා දිනය රටේ කිසිවෙකුටවත් අමතක කරන්න බැරිම දිනයක්. එදත් අද විපක්ෂයේ සිටින එදා පාලකයෝ වෙලා සිටි අය පාස්කු ප‍්‍රහාරයෙන් මියගිය අය ගැන බලනවාට වඩා කාලකන්නි ලෙස තම ජනාධිපතිවරනය ගැන සිතමින් කටයුතු කරන ගමන් ඒ අය මැරුණ අයගේ මිනීපෙට්ටිය අමතක කර ඡන්දපෙට්ටිය ලොකුකර ගන්න වැඩකළා. එහෙම කළ යම් මන්ත‍්‍රීවරුන් අද මැරිලා ඉපදිලා වගේ ජනමාධ්‍ය ඔස්සේ ප‍්‍රහාරය ගැන විවිධ දේ පවසනවා. මේ රජය එම පාස්කු ප‍්‍රහාරය සෙවීම හිතාමතාම මගහරිමින් සිටිනවා කියා. එදා පාස්කු ප‍්‍රහාරය තුළ චෝදනාවට ලක්වූ අය තමයි ප‍්‍රහාරය දියත්කරපු අයව රෝහල්වලට ගොස් සුවදුක් පවා සොයා සිටියේ. අද වන විට එම කටයුත්ත ඉතා විනිවිදභාවයකින් ඉදිරියට ගෙන යමින් සම්බන්ධ සියල්ලන් පස්සේම නීතිය ලූහුබඳින විට තුත්තිරි ගහේ එල්ලීමේ න්‍යායෙන් ඇතැම් දේශපාලඥයින් මෙම ප‍්‍රශ්නය දේශපාලන පළිගැනීමක් යැයි හඬක් නගන්න යනවා. ඒ නිසා තමයි එය හරියට වටහා ගත් අප කාගේත් ආදර ගෞරවයට පාත‍්‍ර වූ අති අතුම් කාදිනල් උන්වහන්සේ පවා මෙම කටයුත්තට රජයට ස්තූති කරන්න ක‍්‍රියාකර තිබෙන්නේ. එය ස්වාධින කොමිසමක් තුළ සිදුවන නිසා තවත් ඒ ගැන කතා නොකරාට එදා පාස්කු 21 සිදුවූ ඛේදවාචකයෙන් එයට මුහුණදුන් රටේ සියලූම ජනතාවට ඉතා සර්ව සාධාරණ විනිශ්චයක් ලැබෙන බව මම ඉතා පැහැදිලිවම කියා සිටිනවා.”
