Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

රන්ජන්ව ඇප මත මුදා හැරේ

රක්ෂිත බන්ධනගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත මුදාහැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද(20) නියෝග කර තිබේ.

ඇඳිරි නීතිය කඩ කිරීම, එය කඩ කිරීම සඳහා ආධාර අනුබලදීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ පසුගිය 13 වනදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව පසුගිය 14 වනදා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව අද (20) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

Giraya News Alerts

ඒ අනුව, අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී නුගේගොඩ මහේස්ත්‍රාත් ඒ.එම්.එම් මිහාල් මහතා පැවසුවේ සැකකාර හිටපු මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂ දෙක බැගින්වූ ශරීර ඇපයක් මත මුදාහරින ලෙසයි. එය ගෙවන තෙක් පුද්ගලික ඇප මත නිදහස් කිරීමට හැකියාව පවතින බව මහේස්ත්‍රාත්වරයා දැනුම් දී තිබේ. අදාළ නඩුව සැප්තැම්බර් 28 වනදා යළි කැඳවීමට නියමිතයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top