Advertise with Giraya
FOREIGN

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන 24 ලක්ෂය ඉක්මවයි… මිය ගිය ගණන 165,000 ක්

ලොව පුරා පැතිර යන කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,407,439ක් වේ. එමෙන්ම, වෛරසය හේතුවෙන් අහිමි වූ ජීවිත ප්‍රමාණය 165,073ක් වේ. දැනට, 1,617,164 දෙනෙකු ආසාදිත තත්ත්වයේ පසුවන අතර එයින් 54,222 දෙනෙකුගේ තත්ත්වය බරපතල වේ. 625,202 ක් සුවය ලබා ඇත.

දැනට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන ඇමරිකා එක්සත් ජනපදයේ ඊයේ (19) දිනයේ දී වාර්තා වූ නව ආසාදිතයින් ප්‍රමාණය 25,844ක් වේ. එය පසුගිය දිනවලට සාපේක්ෂව යම් කිසි අඩුවීමක් වුවත් තවමත් එහි දිනකට මියයන ප්‍රමාණය දහස ඉක්මවයි. ඊයේ (19) දිනයේ ද කොරෝනා වෛරසය හේතුවෙන් ඇ.එ.ජ පුද්ගලයින් 1561 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත. මේ වන විට, ඇ.එ.ජ පුද්ගලයින් 652,874 දෙනෙකු ආසාදිත තත්ත්වයේ පසුවන අතර එයින් 13,566 දෙනෙකුගේ තත්ත්වය බරපතල වේ. රෝගීන් 71,187 දෙනෙකු සුවය ලබා ඇත.

මහා බ්‍රිතාන්‍යයේ මේ වන විට කොරෝනා ආසාදිතයින් 120,067 දෙනෙකු වාර්තා වී ඇති අතර මියගිය පුද්ගලයන් ගණන 16,060ක් වේ. ඊයේ (19) දිනයේ දී නව ආසාදිතයින් 5850ක් සොයාගෙන ඇති අතර රෝගීන් 596 දෙනෙකු මරණයට පත් වී ඇත. ඇ.එ.ජ පසුව දැනට දිනකට වාර්තා වන වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ මහා බ්‍රිතාන්‍යයෙන් වේ.

ඉතාලියෙන් මේ වන විට වාර්තා වන මරණ ප්‍රමාණයේ අඩු වීමක් දක්නට ඇත. දැනට ඉතාලියේ ආසාදිත තත්ත්වයේ පසුවන රෝගීන් සංඛ්‍යාව 108,257ක් වන අතර ඊයේ (19) දිනයේ දී නව ආසාදිතයන් 3047ක් වාර්තා වී ඇත. ඊයේ (19) දිනයේ දී වාර්තා වූ පුද්ගල මරණ සංඛ්‍යාව 433ක් වේ.

ස්පාඤ්ඤයේ ඊයේ (19) දිනයේ දී කොරෝනා වෛරසය හේතුවෙන් මරණ 410ක් වාර්තා වේ. වාර්තා වූ නව ආසාදිතයන් ගණන 4258ක් වේ. දැනට රෝගීන් 100,864 දෙනෙකු ආසාදිත තත්ත්වයේ පසුවන අතර ඉන් 7371 දෙනෙකුගේ තත්ත්වය බරපතල වේ.

ප්‍රංශයෙන් දැනට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 152,894ක් වන අතර වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 19,718ක් වේ. ඊයේ දිනයේ දී නව ආසාදිතයන් 1101ක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් 395ක් මරණයට පත් වී තිබේ. දැනට ප්‍රංශයේ 96,598ක් ආසාදිත තත්ත්වයේ පසුවන අතර එයින් 5744කගේ තත්ත්වය බරපතල වේ.

බෙල්ජියමේ දැනට කොරෝනා වෛරසය ආසාදිත වූවන් 38,496 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදු වී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 5683ක් වේ. ඊයේ (19) දිනයේ දී බෙල්ජියමෙන් නව ආසාදිතයන් 1313ක් හඳුනාගෙන ඇති අතර වාර්තා වූ මරණ සංඛ්‍යාව 230ක් වේ. දැනට 24,056 දෙනෙකු ආසාදිත තත්ත්වයේ පසුවන අතර එයින් 1081 දෙනෙකුගේ තත්ත්වය බරපතල වේ.

මැදපෙරදිග කලාපයේ රටක් වන තුර්කියේ මේ වන විට පුද්ගලයින් 2017ක් මරණයට පත් වී ඇති අතර වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 86,306ක් වේ. ඊයේ (19) දිනයට පමණක් තුර්කියෙන් නව ආසාදිතයන් 3977 දෙනෙකු වාර්තා වී ඇති අතර වාර්තා වූ පුද්ගල මරණ සංඛ්‍යාව 127ක් වේ.

අසල්වැසි ඉන්දියාවේ දැනට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 17,615ක් වන අතර පුද්ගලයින් 559ක් ජීවිතක්ෂයට පත් වී ඇත. ඊයේ (19) දිනයේ දී ඉන්දියාවෙන් වාර්තා වූ නව ආසාදිතයන් ප්‍රමාණය 1250ක් වේ. පෙරේදා (18) දිනයේ දී ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වූ රෝගීන් 2013ක් වාර්තා වී ඇත. ඊයේ (19) දිනයේ දී ඉන්දියාවෙන් වාර්තා වූ පුද්ගල මරණ සංඛ්‍යාව 38ක් වේ.

මේ අතර, දකුණු කොරියාවේ කොරෝනා වැළඳී සුව වූ පුද්ගලයින් 179 දෙනෙකුට යළිත් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රෝගය සුව වූ පුද්ගලයින් 8,042 දෙනෙකු යළි පරීක්‍ෂා කිරීමෙන් පසු මෙම පිරිස හදුනාගෙන ඇති බවයි. එහි විශේෂත්වය වන්නේ එම පිරිසෙන් සියයට 22.9% ක්ම වයස අවුරුදු 20 දක්වා වූ කාණ්ඩයේ අයත් පිරිසක් වීමයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top