Advertise with Giraya
NEWS

අද වාර්තා වූ ආසාදිතයින් ගණන 33ක්…. රෝගීන් ගණන 304 දක්වා ඉහළට

Update at 7.03 PM

මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 304 දක්වා වැඩි වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, දැනට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 199 දක්වා ඉහළ යනු ඇත.

දැනට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 98ක් වේ.

Giraya News Alerts

Update at 4.40 PM

අද(20) පස්වරුවේ තවත් රෝගීන් අටදෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි. ඒ අනුව, මෙතෙක් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් ගණන වූ රෝගීන් 32ක් අද දිනයේ දී වාර්තා වී ඇත.

ඒ සමඟ, සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 303 දක්වා ද සක්‍රීය ආසාදිතයින් ගණ 199 දක්වා ද ඉහළ ගොස් ඇත.

____________________________________________________________________________

අද (20) දිනයේ දී තවත් රෝගීන් 24 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි. ඒ අනුව, එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව අද දිනයේ දී වාර්තා වී ඇත. එසේම, දැනට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යව 295 දක්වා ඉහළ යනු ඇත.

අද වාර්තා වූ සියලුම රෝගීන් කොළඹ 12,බණ්ඩාරනායකමාවත ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටි පිරිසකි.

දැනට ආසාදිත තත්ත්වයේ පසුවන රෝගීන් ගණන 192ක් වන අතර 96 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. තවත් පුද්ගලයින් 122 ක් සැකපිට රෝහල්ගතව සිටියි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top