පාර්ලිමේන්තු මහ මැතිවරණය මැයි මස 28 වනදා පැවැත්වීමට තමා එකඟ නොවන බව සඳහන් කරමින් මැතිවරණ කොමිසන් සභාවේ සාමාජීක රත්නජීවන් හූල් මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත ඉකුත් 16 වැනි දා නිකුත් කෙරුනු ලිපිය අද (20) මාධ්‍ය වෙත යොමු කර තිබේ.
එම ලිපියේ සඳහන් වන්නේ, අප්‍රේල් මස 14 වැනි දා කොමිසමේ සභාපතිවරයා තමා වෙත දුරකතන ඇමතුමක් දී අද පැවැත්වෙන කොමිෂන් සභාවේ රැස්වීමට සහභාගී වන්නේදැයි විමසා මැයි මස 28 වැනි දා මැතිවරණය පැවැත්වීමට ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට යෝජනා කළ බවය.
තමා එය ප්‍රතික්ෂේප කරමින් මෙම ලිපිය කොමිෂන් සභාව වෙත යොමු කරන බව රත්නජීවන් හුල් මහතා සඳහන් කර තිබේ.
මැයි මස 28 වැනි දා මැතිවරණය පැවැත්වීම සඳහා තමා එකඟනොවන බව සාධාරණීකරණය කිරීමට රත්නජීවන් හුල් මහතා කරුණු 7 ක් යටතේ සිය මතය ඉදිරිපත් කර තිබේ.
මේ අතර මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයට සිය ෆේස්බුක් ගිණුමේ මහ මැතිවරණය පැවැත්වීමේ දිනය මුල් කර ගනිමින් ඇතිවී තිබෙන කතා බහ පිළිබඳව සිය ස්ථාවරය සඳහන් කර තිබේ.
ඔහු එහි සඳහන් කර ඇත්තේ, මැතිවරණ කොමිසම තුළ කතා කළ යුතු දේ විශේෂයෙන්ම විවාදයට තුඩුදෙන හෝ සමාජය සංවේදී කරුණු කොමිසම තුළ සාකච්ඡා කිරීමට පෙර ඒ පිළිබඳ ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීම තමා හෝ මැතිවරණ කොමිසම අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් නොවන බවයි.
එසේම, කල් තබා ඇති මැතිවරණය පැවැත්වීමේ දින වකවානු තීරණය කිරීමේ බලය මැතිවරණ කොමිසම සතු බව එහි සඳහන් ය.
ඒ පිළිබඳ විවිද අදහස් ජනමාධ්‍ය තුළ පළ වූ නමුත් එම දිනවකවානු තීරණය කිරීමේ බලය එනම් කල්ත බන ලෙස හෝ කඩිනමින් පවත්වන ලෙස හෝ නොයෙකුත් අදහස් ප්‍රකාශ වුවද ඒ කිසිවකින් මැතිවරණය කල්තැබීමට හෝ පැවැත්වීමට හෝ මැතිවරණ කොමිසන් සභාවට නියම කිරීමේ බලපෑම කළ නොහැකිය.
එසේ වුවද කොමිසම වෙත සන්නිවේදනය කරන ලද සෑම කරුණක් හා රටේ තත්ත්වය විශේෂයෙන්ම වසංගතය නිසා සහ එය පාලනය කිරීම සඳහා පනවා ඇති නියමන් පිළිබඳව මෙන්ම නිදහස් හා සාදාරණ විනිවිද බවින් යුතු හා විශ්වාසනීය ඡන්ද විමසීමක් පැවැත්වීමට අවශ්‍ය යහපත් වාතාවරණය ඇතිකර ගැනීම සම්බන්ධයෙන්ම තරගය සමභුමියේ සටනක් ලෙස පැවැත්විය යුතු බව කොමිසම විසින් සලකා බලනු ලබන බව කොමිසමේ සභාපතිවරයා සිය මුහුණු පොතේ සටහන් කර තිබේ.
සභාපතිවරයට අවධාරණය කරන්නේ, තමාගේ පක්ෂපාතීත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ප්‍රජාතන්තවාදයට හා ජනතාවට බවයි.

