අද (19) දිනයේදී කොරෝනා ආසාදනය වූ බවට තහවුරු වූ රෝගීන් අතර කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලට ඇතුළත් කර සිටි ගර්භණි කාන්තාවක් ද සිටින බව වාර්තා වේ.
කොරෝනා ආසාදිතයින් සමීපව ඇසුරු කිරිම නිසා දැනට හුදෙකලා කොට ඇති කොළඹ කෙසෙල්වත්ත, බණ්ඩාරනායක මාවතේ පදිංචි එම ගර්භණී කාන්තාව කාසල් රෝහලට ඇතුළත් කොට ඇති බව රෝහල් අධ්‍යක්ෂක ප්‍රදීප් ජයසිංහ ප්‍රකාශ කර සිටියි.
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් හුදෙකලා කොට ඇති ප්‍රදේශයක සිට පැමිණි එම ගර්භණී කාන්තාව වෙනම වාට්ටුවක රඳවා තැබීමට රෝහල් බලධාරින් පියවර ගෙන තිබු බවත් ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ මුල්ලේරියාවේ පිහිටි IDH රෝහලට මාරු කොට යැවු බවයි රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
එම කාන්තාව රැඳී සිටි රෝහල් වාට්ටුව මේ වන විට සම්පුර්ණ විෂබිජ හරණයකට ලක් කොට ඇති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
