පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සැකපිට රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබේ.
නීතිඥවරයා වෙනුවෙන් ඔහුගේ පියා සහ සහෝදරයා විසින් ගොනුකර තිබෙන මෙම “හබයාස් කෝපුස්” පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා සහ නීතිපතිවරයා නම් කර ඇති අතර පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ රහස් පොලිසිය විසින් කිසිදු සාධාරණ හේතුවක් නොදන්වා නීතිඥවරයා අත්අඩංගුවට ගත් බවයි. මෙම අත්අඩංගුවට ගැනීම කිසිදු පදනමක් නොමැතිව සිදු කොට ඇති බව ද පෙත්සම්කරුවන්ගේ චෝදනා කරති.
ඒ අනුව, අත්අඩංගුවේ පසුවන නීතිඥවරයාගෙන් උපදෙස් ලබා ගැනීම සඳහා සිය නීතිඥවරුන්ට අවකාශ ලබා දෙන ලෙස රහස් පොලිසිය වෙත නියෝගයක් නිකුත් කර ලෙසත් ඔහුව අත්අඩංගුවෙන් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.
