Advertise with Giraya
NEWS

කොරෝනා ආසාදිතයින් ගණන 271 දක්වා වැඩි වෙයි

Update at 10.10 PM

කොරෝනා වෛරසය වැළඳුන තවත් රෝගීන් දෙදෙනෙකු වාර්තා වී ඇති අතර වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 271 දක්වා වැඩි වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

Update at 7.00 PM

Giraya News Alerts

අද (19) පස්වරුවේ තවත් රෝගින් 13 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, අද දිනයේ දි පමණක් වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 15ක් දක්වා ද මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 269ක් දක්වා ද ඉහළ යනු ඇත.

අද (19) දිනයේ දී වාර්තා වූ ආසාදිතයන් 15 දෙනාම රෝගීන් සමීපව ඇසුරු කිරීම හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි පිරිසක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

____________________________________________________________________________

අද (19) දින තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට දී වාර්තා වූ ආසාදිතයින් ගණන 256 දක්වා වැඩි වී ඇත.

මේ වන විට සුවය ලබා ඇති පිරිස 91ක් වන අතර ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 158ක් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top