Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ඊයේ හඳුනාගත් ආසාදිතයන්ගේ විස්තර මෙන්න

ඊයේ (18) දිනයේ දී වාර්තා වූ කෝවිඩ් 19 ආසාදිතයන් දස දෙනාම නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

ඊයේ උදෑසන වාර්තා වූ ආසාදිතයන් තිදෙනා සුදුවැල්ල ප්‍රදේශයෙන් රැගෙන ගොස් ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයන් තිදෙනෙකු වේ.

හතරවන ආසාදිතයා ලෙස වාර්තා වූ රෝගියා ගුවන්තොටුපොළ සේවිකාව සමඟ සමීප සම්බන්ධතා පැවත් වු කාන්තාවක් වේ. ඇය රඹුක්කන ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටි අයෙක් ය.

Giraya News Alerts

ඊයේ රාත්‍රියේ වාර්තා වූ පුද්ගලයන් හයදෙනා කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. ඔවුන් හයදෙනා වැලිසර නිරෝධායන මධ්‍යස්ථානයේ දී නිරෝධායනය වෙමින් සිටියදී කොරෝනා වැළඳී ඇති බවට තහවුරු වී ඇත.

මේ වන විට මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 254 දක්වා ඉහළ ගොස් ඇත. වාර්තා වූ රෝගීන්ගෙන් 86 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් 161 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියි. ආසාදිත බවට සැක සහිත රෝගීන් 103ක් රෝහල්ගතව සිටියි. කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට මරණ 07ක් වාර්තා වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top