Advertise with Giraya
POLITICS

ආණ්ඩුව ඔස්ට්‍රේලියාවේ හිතවතුන් හරහා බොරු වාර්තා හදාගෙන ලෝකෙන්ම උඩින් ඉන්නවා කීමට උත්සහා කරනවා – අජිත් පී. පෙරේරා

කොරෝනා වෛරසයෙන් ලංකාව ලෝකයේ ඉහළින්ම සිටිනවා යැයි පැවසීම පට්ට බොරුවක් බව එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු අපේක්ෂක අජිත් පී. පෙරේරා මහතා පවසනවා.

ඔහ සඳහන් කරන්නේ, ආණ්ඩුව විසින් ඔස්ට්‍රේලියාවේ සිටින තම හිතවතුන් ලවා බොරු වාර්තාවන් සකස් කරමින් ලෝකයේ ඉහළින්ම සිටිනවා යැයි කීමට උත්සාහ කරන බවයි. එසේම, කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් සත්‍ය තොරතුරු වසන් කරමින් කටයුතු කරන බවත් යථාර්තය ඉදිරිපත් නොකරන බවටත් ඔහු චෝදනා කර සිටියි.

එසේම, මේ ආකාරයෙන් ව්‍යාජ වාර්තාවන් සකස් කිරීමට තොරතුරු ලබා දෙන්නේ කවුද යන්න වග තමන් සොයාගෙන ඇති බවත් අජිත් පී. පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top