ඊයේ (18) සවස කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකරන රෝගියෙකු ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කර සිටියදී රෝහලෙන් පැන යාමේ සිද්ධියක් වාර්තා වේ. මේ සිද්ධිය හේතුවෙන් ඔහු නැවත අල්ලා ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සහ පොලීසියට අමතර වෙහෙසක් දැරීමට ද සිදු වී ඇත.
කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකරන තරුණයෙකු විමර්ශණ කටයුතු සදහා පසුගිය 18 වැනිදා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති අතර 30 හැවිරිදි ඔහුගේ මව හලාවතට ආසන්න නගරයක පදිංචිව සිටී. කොළඹ – නාගලගම් වීදිය ප්‍රදේශයේ පිරිසක් නිරෝධායන කටයුතු සදහා සෞඛ්‍ය නිලධාරීන් පිටත් කර යවන විට මෙම අයද එම ස්ථානයේ සිට පැන ගොස් ඇති අයෙකු බවට හෙලි වී ඇත.ඔහු තදින්ම මත් කුඩු පානයට ඇබ්බැහි වී සිටි අයෙකු බවද පොලීසිය කියයි.
විමර්ශණ කටයුතු සදහා රෝහලට ඇතුළත් කර සිටි මෙම පුද්ගලයා එක්වරම ඉන් පලා ගොස් ඇත.තම දරුවා රෝහලෙන් පැන ත්‍රී රෝද රථයක නැගී නිවස බලා පැමිණෙන බව එම අයගේ මව විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දුරකථන ඇමතුමක් ලබා දී පවසා ඇත.
ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලීසිය මහත් පරිශ්‍රමයක් දරා පාළු නිවසක සැගවී සිටියදී එම අයව අල්ලා ගැනීමට සමත් වී ඇත.
රෝහලෙන් පලා ගිය අයව ත්‍රී රෝද රථයකින් රැගෙන ගිය අය සම්බන්ධයෙන්ද පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.රෝහලෙන් පලා ගිය අයට යම් ආකාරයකට කොරෝනා වෛසරය ආසාදනය වී ඇත්නම් ඔහු ඇසුරු කළ සෙසු අය සම්බන්ධයෙන්ද සොයා බැලීම සිදු කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහන් කරයි.
