පවතින වාතාවරණය උඩ ඇඳිරි නීතිය ලිහිල් කලද පාසල් හා විශ්ව විද්‍යාල වසා තැබෙන බව ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කළා.
මේ අතර පවතින තත්වය සැලකිල්ලට ගනිමින් උපකාරක පන්ති හා සියලු අධ්‍යාපන ආයතන වසා තැබීමට පියවර ගන්නා ලෙසයි රජය නිවේදනය කරන්නේ.
මේ අතර, එළඹෙන මැයි 11 වැනි දින රටපුරා පාසල් විවෘත කිරීම ගැන නිශ්චිත තීරණයකට එළඹිය නොහැකි බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි. සෞඛ්‍ය අංශවල පූර්ණ අනුමැතිය මත එම කටයුත්ත ගැන තීන්දුවක් ගන්නා බව ද ඔහු පැවසීය.
