නව කොරෝනා වෛරසය ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව 254 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, ඊයේ (18) රාත්‍රියේ රෝගීන් 6 දෙනාත් සමඟ ය.
ඔවුන් වැලිසර පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් කර තිබු පුද්ගලයින් එම වෛරසයට ගොදුරු වී ඇති බවට තහවුරු වූ බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ.
ඒ අනුව ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාධිත පුද්ගලයින් සංඛ්‍යාව 10ක් වේ.
