මහමැතිවරණය පැවැත්විමේ නිශ්චිත දිනයක් නියම නොකොට පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසමට බලයක් නොමැති බවත් මහමැතිවරණය පැවැත්වෙන දිනයක් නියම කිරීමට මැතිවරණ කොමිසම බැඳී සිටින බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර සිටියි.
ඔහු විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.