කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් ලොව පුරා නිවාස වලට කොටු වී සිටින ජනතාව ඉලක්ක කරගනිමින් ලෝකයේ ජනප්‍රිය කලාකරුවන් විසින් සුවිශේෂී වූ ප්‍රසංගයක් පැවැත්වීමට සුදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රසංගය සංවිධානය කරනු ලබන්නේ ගෝලීය පුරවැසි ව්‍යාපාරය හා ලෝක සෞඛ්‍ය සංවිධානය එක්වෙමින් ය.
අන්තර්ජාලය හරහා සිදු කරනු ලබන පැය 8ක සුවිශේෂී ප්‍රසංගයක් වන මේ සඳහා කලාකරුවන් සිය නිවෙස්වල සිට ම සහභාගී වේ.
මෙම ප්‍රසංගය සඳහා රෝලිං ස්ටෝන්ස්, බිලී අයිලිෂ්, ලේඩි ගගා යන පුද්ගලයන් සහභාගී වීමට නියමිත අතර එය අද (18) රාත්‍රී 8ට ඇමරිකාවේ දී විකාශය වීමට නියමිතය.
