ඊයේ (17) දිනයේ දී PCR පරීක්ෂණවලින් හඳුනාගැනුන ආසාදිතයින් 6 දෙනා නිරෝධායන මධ්‍යස්ථාන දෙකක සිටි පවුල් දෙකකට අයත් සාමාජිකයින් බව වාර්තා වේ.
ඉන් තිදෙනෙකු මහරගම අපේක්‍ෂා රෝහලට ගිය කොරෝනා ආසාදිතයාගේ භාර්යාව සහ ගැහැණු දරුවන් දෙදෙනා වේ. අනෙක් තිදෙනා කොටහේනේදී හදුනාගත් කෝරෝනා ආසාදිත කාන්තාවගේ සැමියා සහ පුතුන් දෙදෙනායි.
මේ අතර, දිනකට ශ්‍රී ලංකාවේ සිදු කරන PCR පරීක්ෂණ ප්‍රමාණය 700කට ආසන්න බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරනවා. ඔහු පැවසුවේ ඊයේ (17) දිනයේ දී පමණක් PCR පරීක්ෂන 695ක් සිදු කළ බවයි.
