ලොව පුරා පැතිර යන කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 154,266 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත. එමෙන්ම, දැනට ආසාදිත තත්ත්වයේ පසුවන පුද්ගලයින් සංඛ්‍යාව 1,525,375ක් වේ.
ඊයේ (17) දිනයේ දී වෛරසයේ මූලාරම්භය සිදු වූ චීනයේ වූහාන් නගරයෙන් සිදු වූ මරණ ගණනේ නිවැරදි කිරීමක් සිදු කර තිබේ. ඒ අනුව, ඔවුන් වූහාන් නගරයේ කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය ගණනට තවත් 1290ක් එකතු කර ඇති අතර තහවුරු කරගත් ආසාදිතයින් ප්‍රමාණයට තවත් පුද්ගලයින් 325ක් එකතු කර ඇත. ඒ අනුව, දැනට චීනයේ කොරෝනා වෛරසය හේතුවෙන් සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව 4632 දක්වා වැඩි වී ඇත. එය වූහාන් නගරයේ සිදු වූ මරණ ප්‍රමාණයේ 50%ක වැඩි වීමක් වන අතර චීනයේ සිදු වූ මරණ ප්‍රමාණයේ 1/3ක වැඩි වීමකි.
එරට සෞඛ්‍ය බලධාරීන් වාර්තා කරන අන්දමට වෛරසය පැතිර යාමේ මුල් අවධියේ දී වූහාන් නගරයේ බොහෝ දෙනෙකු නිවාස තුළ ම මියගොස් ඇති බවත් ඔවුන්ගේ මරණ වාර්තා කිරිමට ප්‍රථම ආසාදිත වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා සෞඛ්‍ය නිලධාරීන් වැඩි අවධානයක් යොමු කළ බවයි. එම නිසා, මෙම වාර්තාවන් ප්‍රමාද වී නිවැරදි කළ බවත් ඔවුන් සඳහන් කර සිටියි.
වෛරසය පැතිර යාමේ පටන් ජනවාරි, පෙබරවාරි මාසවල කළ නිවැරදි කිරීමත් සමඟ මේ දක්වා තෙවරක් චීන සෞඛ්‍ය බලධාරීන් විසින් ඔවුන්ගේ වාර්තාවන්වල ඇති සංඛ්‍යාවන් වෙනස් කිරීමකට ලක් කර ඇත.
එමෙන්ම, දැනට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන ඇමරිකා එක්සත් ජනපදයේ ඊයේ (17) දිනයේ ද පුද්ගලයින් 2535 දෙනෙකු මරණයට පත් වී ඇත. තවත් ඇමරිකානුවන් 32,165 දෙනෙකු වෛරසය ආසාදිත බවට ඊයේ (17) දිනයේ දී තහවුරු වී ඇත. දැනට ඇ.එ.ජ වාර්තා වූ මුළු ආසාදිතයන්ගේ ප්‍රමාණය 709,735ක් වන අතර ඉන් 37,154 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.
දැනට ඇ.එ.ජ පසුව වැඩිම කොරෝනා ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන් වේ. ඒ, ආසාදිතයන් 190,839ක් වේ. ඊයේ (17) දිනයේ ස්පාඤ්ඤයෙන් වාර්තා වී ඇති නව කොරෝනා වෛරසය ආසාදිතවූවන්ගේ සංඛ්‍යාව 5891ක් වන අතර තවත් 687 දෙනෙකු ඊයේ දිනයේ දී වෛරසය නිසා ස්පාඤ්ඤයේ දී ජීවිතක්ෂයට පත් වී තිබේ. දැනට එහි පුද්ගලයින් 96,040ක් ආසාදිත තත්ත්වයේ පසුවන අතර රෝගීන් 74,797 දෙනෙකු සුවය ලබා ඇත.
ඇ.එ.ජ පසුව වැඩිම මරණ සංඛ්‍යාවක් ඊයේ (17) දිනයේ දී වාර්තා වී ඇත්තේ මහා බ්‍රිතාන්‍යයෙන් වන අතර ඒ පුද්ගල මරණ ගණන 847ක් වේ. දැනට මහා බ්‍රිතාන්‍යයේ පුද්ගලයින් 93,772 ක් ආසාදිත තත්ත්වයේ පසුවේ. වෛරසය හේතුවෙන් මහා බ්‍රිතාන්‍යයේ මරණයට පත් වූ සමස්ත පුද්ගලයින් ගණන 14,576ක් වේ. ඊයේ (17) දිනයට පමණක් මහා බ්‍රිතාන්‍යයේ නව කොරෝනා ආසාදිතයන් 5599ක් වාර්තා වී ඇත.
මහා බ්‍රිතාන්‍යයට පසුව වැඩිම මරණ සංඛ්‍යාවක් ඊයේ (17) දිනයේ දී වාර්තා වී ඇත්තේ ප්‍රංශයෙන්ය. ඊයේ දිනයේදී එහි පුද්ගලයින් 687 දෙනෙකු මරණයට පත් වී ඇති අතර වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් ගණන 1909ක් වේ. ඒ සමඟ ප්‍රංශයෙන් වාර්තා වූ මුළු මරණ සංඛ්‍යාව 18,681ක් දක්වා ද වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 147,969 දක්වා ද ඉහළ යනු ඇත. දැනට ප්‍රංශයේ පුද්ගලයින් 94,868 දෙනෙකු ආසාදිත තත්ත්වයේ පසුවන අතර 34,420 දෙනෙකු සුවය ලබා ඇත.
ඉතාලියේ මේ වන විට රෝගය පැතිර යාමේ අඩු වීමක් දක්නට ලැබුණද ඊයේ (17) දිනයේ ද ඉතාලියේ පුද්ගලයින් 575 දෙනෙකු කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගොස් තිබුණි. එමෙන්ම, ඊයේ (17) දිනයේ දී වාර්තා වී ඇති නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3493ක් වේ. දැනට ඉතාලියේ පුද්ගලයින් 106,962 ක් ආසාදිත තත්ත්වයේ පසුවන අතර 42,727ක් සුවය ලබා ඇත. පුද්ගලයින් 2812 ගේ තත්ත්වය බරපතල වේ.
එමෙන්ම, අසල්වැසි ඉන්දියාව ද මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් අවදානමකට ලක් වී ඇත. ඉන්දියාවේ මේ වන විට වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 14,352ක් වේ. ඉන් 11,825 දෙනෙකු ආසාදිත තත්ත්වයේ පසුවේ. පුද්ගලයින් 2041ක් සුවය ලබා ඇත. ඊයේ (17) දිනයේ දී ඉන්දියාවෙන් වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 922ක් වේ. එසේම, ඊයේ (17) දිනයේ දි වාර්තා වූ ඉන්දියාවේ පුද්ගලයින් 38 දෙනෙකු වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වී තිබේ. ඒත් සමඟ ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 488 දක්වා ඉහළ ගොස් ඇත.
