Advertise with Giraya
POLITICS

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක්

මහමැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකවේ යළිත් කතාබහක් ඇති වී තිබෙන පසුබිමක මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයේන විශේෂ සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභාවේ දී ලබන සඳුදා (20) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මෙම සාකච්ඡාව වට දෙකක් ඔස්සේ පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරයි.

එයින් එක් සාකච්ඡාවක් මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතරත් අනෙක් සාකච්ඡාව සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, යුද හමුදාපතිවරයා, පොලිස්පතිවරයා, තැපැල්පතිවරයා, මැතිවරණ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙන්ම සෞඛ්‍ය හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශවල ලේකම්වරුන් සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත වේ.

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පවතින නීතියේ කිසිදු ව්‍යාකූලභාවයක් හෝ අවිනිශ්චිතතාවයක් නොමැති බවයි.

මැතිවරණයක් පැවැත්වීමේ බලය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් මැතිවරණ කොමිසම වෙත පවරා බැවින් ඒ පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම අනවශ්‍ය කරුණක් බව ඔහු සඳහන් කර සිටියි.

මෙම තීරණාත්මක මොහොතේ සිය යුතුකම සහ වගකීම පැහැර හරමින් රට තුළ ව්‍යාකූල තත්ත්වයක් ඇතිවීමට ඉඩ තැබුව හොත් ඊට මැතිවරණ කොමිෂන් සභාව වගකිවයුතු බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය විජයදාස රාජපක්‍ෂ සිය ලිපිය මගින් අවධාරණය කර තිබේ.

මේ අතර හිටපු කථානායක කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කොවිඞ් නයින්ටීන් ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම මේ වනවිට නුසුදුසු බවයි. යම් හෙයකින් නියමිත කාලසීමාව තුළ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වුවහොත් ව්‍යවස්ථා අර්බුදයක් ඇති විය හැකි බැවින් තත්ත්වය වළක්වා ගැනීමට ආණ්ඩුව සහ විපක්‍ෂය කටයුතු කළයුතු බවද හිටපු කථානායකවරයා පවසනවා.

කෙසේ වෙතත්, හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඊයේ (17) පැවසුවේ කොවිඞ් 19 වෛසරය පැතිර යාමේ අවදානම සම්පුර්ණයෙන්ම පාලනය කිරිමෙන් පසු මහ මැතිවරණය කෙරෙහි අවධානය යොමු කරන බවයි. මැතිවරණයකට වඩා ජනජීවිතය ආරක්‍ෂා කිරීම ආණ්ඩුවේ ප‍්‍රමුඛ කාර්ය බව ආරක්ෂක ලේකම්, විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ද අවධාරණය කළා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top