මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි නව හැවිරිදි දැරියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ (16) දිනයේ දී සිදු කරන ලද වෛද්‍ය පරීක්ෂණවල දී තහවුරු වී ඇත.
ඇය තම මව සමඟ පුත්තලම අල්කාසිම් නිවාස සිටි යෝජනා ක්‍රමයෙන් මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයට යවා තිබූ අතර කොවිඞ් 19 වෛරසය වැළඳී ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් සනාථ වීමෙන් පසු අංගොඩ බෝවන රෝගායතනයට යොමුකර තිබේ.
ඇය අල් කාසිම් නිවාස යෝජනා ක්‍රමයෙන් හමුවූ පළමු කොරෝනා ආසාදිත 62 හැවිරිදි පුද්ගලයා හා දෙමව්පියන් සමග මන්නාරම තාරාපුරම් ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වී තිබේ.
62 හැවිරිදි පළමු ආසාදිතයා පසුගිය 7 දින කොරෝනා බවට සනාථ වීමෙන් පසු ප්‍රතිකාර සඳහා අංගොඩ බෝවන රෝගායතනයට යවා තිබේ. මෙම පළමු ආසාදිතයාගේ වැඩිමහල් පුත්‍රයාද 15 දින කොරෝනා ආසාදිතයකු ලෙස සනාථ වීමෙන් පසු අංගොඩ බෝවන රෝගායතනයට යොමු කිරීමට සෞඛ්‍යය බලධාරීන් කටයුතු කර ඇත.
මේ අනුව සෞඛ්‍ය අංශ හා බුද්ධි අංශ මෙම ආසාදිත වැඩිහමල් පුත්‍රයා ඇසුරු කළ පිරිස් සොයා ගැනීමට කටයුතු කරමින් සිටින බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් .සුරේෂ් මහතා පැවසීය.
