කෙසෙල්වත්තෙන් සොයාගත් කොවිඩ් ආසාදිත කාන්තාවට එය වැළඳී ඇත්තේ ගුවන් යානයේදී බව සෞඛ්‍ය අංශ සැක පළ කරයි. එයට හේතු වී ඇත්තේ, ගුවන් යානයේදී ඇය අසල අසුන්ගෙන සිටි විදේශිකයාගෙන් කොවිඩ් නයින්ටීන් රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවට ඇය පවසා ඇති තොරතුරු අනුවය.
ඇය අසල අසුන්ගෙන සිටි විදේශිකයා විටින් විට කැස්ස හැදී ඇති අතර ඇය එම තත්ත්වය පිළිබදව ගුවන් යානයේ කාර්ය මණ්ඩලයට දැනුම් දී තිබේ. පසුව ඇයට ගුවන් යානයේ වෙනත් අසුනක් ලබාදීමට කාර්ය මණ්ඩලය පියවර ගෙන තිබේ.
මේ අතර කොවිඩ් නයින්ටීන් රෝගියෙකු හමුවීමත් සමග වසා දැමුණු නාගලගම්වීදිය ප්‍රදේශයට අද (17) දැඩි ආරක්ෂාවක් සපයා තිබෙනු දක්නට ලැබුණි. කෙසේ වෙතත්, ගම්මානය තුළ සිටින පිරිස් වෙත අත්‍යාවශ්‍ය ආහාර සැපයීම සඳහා ඔවුන්ගේ ඥාතීන්ට අවස්ථාව ලබාදීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත. හුදෙකලා කර ඇති ප්‍රදේශයේ රැඳීසිටින පුද්ගලයින් පැමිණ එම භාණ්ඩ රැගෙන යන අයුරු දැක ගත හැකි විය.
දැනට මෙරටින් වාර්තා වු කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 242ක් වේ. වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 158 ක් වේ.
