Update at 10.40 PM
අද (17) දිනයේ දී කොරෝනා ආසාදිත වූ තවත් රෝගීන් දෙදෙනෙකු හඳුනාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, අද දිනට පමණක් වාර්තා වූ රෝගීන් ගණන 6ක් වේ.
දැනට රෝගීන් 160 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර සිදු වූ මරණ ගණන 7කි.
මේ අතර රෝග ව්‍යාප්තිය සළකා බැලීමේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගින් වැඩිම ගණනක් වාර්තා වන අතර එම ගණන 49 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 45 දෙනෙකුත්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 35 දෙනෙකුත්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 28 දෙනෙකුත්, යාපනය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16 දෙනෙකුත් ලෙස වාර්තා වී තිබේ.
මීට අමතරව මහනුවර,රත්නපුර, කෑගල්ල, මාතර, කල්මුණේ, ගාල්ල, මඩකලපුව, බදුල්ල සහ වව්නියාව යන දිස්ත්‍රික්කවලින්ද රෝගීන් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
Update at 5.54 PM
මේ වන විට තවත් එක් කොරෝනා ආසාදිතයෙක් හඳුනාගෙන ඇති අතර වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයින් ගණන 242 ක් දක්වා වැඩි වී ඇත.
එසේම, දැනට රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන රෝගීන් සංඛ්‍යාව 158 දෙනෙකු බවත් රෝගීන් 77 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
_______________________________________________________________________
අද (17) දිනයේ දී මේ වන විට තවත් කොරෝනා වෛරසය ආසාදිත වූ තවත් රෝගීන් තුන් දෙනෙකු වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කර සිටියි. ඒ අනුව, මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මුළු කොරෝනා වෛරසය ආසාදිතවූවන්ගේ සංඛ්‍යාව 241 දක්වා ඉහළ යනු ඇත.
දැනට රෝගීන් 161 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර රෝගීන් 70 ක් සුවය ලබා ඇත.
