කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් විවිධ රටවල අතරමංව සිටින ශ‍්‍රී ලාංකිකයින්ට සහන සැලසීම සඳහා ඉකුත් මාර්තු මස අගභාගයේ දී ආරම්භ කළ වැඩසටහන යටතේ දැනට විදේශ රටවල්වල අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයින් 59,000කට අධික පිරිසක් ලියාපදිංචි වී තිබෙනවා.
ඒ අතරින් 21,575 දෙනෙකු මැද පෙරදිග රටවල සිටින ශී‍්‍ර ලාංකිකයින් බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව මැද පෙරදිග සිටින ශ‍්‍රී ලාංකිකයන්ට සහාය ලබාදීමේ කටයුතු වේගවත් කිරීම සදහා විදේශ අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව කටයුතු ආරම්භ කිරීමටයි තීරණය කර ඇත්තේ.
ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූවන් සඳහා පමණක් සීමා වී පැවති ශ‍්‍රමික සුභසාධන අරමුදලෙහි සම්පත්, ලියාපදිංචි වීමේ තත්ත්වය පිළිබඳව නොසලකමින් සියලූම සංක‍්‍රමණික ශ‍්‍රමිකයන්ට ලබාදීමට ද මේ වනවිටත් තීරණය කර තිබේ.
විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහගේ ප‍්‍රධානත්වයෙන්, මැද පෙරදිග කලාපය අධීක්ෂණය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මැද පෙරදිග පිහිටි ශ‍්‍රී ලංකා දූත මණ්ඩල හා කොන්සල් කාර්යාලවල තානාපතිවරුන් සමඟ ඉකුත්දා වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ සාකච්ඡාවක්ද පවත්වා තිබේ.
තවද, ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට නොහැකි සංක‍්‍රමණිකයින් මුහුණ දෙන ක්ෂණික දුෂ්කරතා මඟහරවා ගැනීමේ අරමුණින් විදෙස්ගත සියලූම ශ‍්‍රී ලාංකිකයන්ගේ ඉහළ යමින් ඇති අවශ්‍යතා සපුරාලීම සඳහා වියළි සලාක බෙදා හැරීමේ කටයුතු තවදුරටත් වැඩිදියුණු කිරීමට විදේශ අමාත්‍යංශය තීරණය කර තිබේ. අරමුණින් විදේශ අමාත්‍යාංශය, භාණ්ඩාගාරයෙන් අමතර ප‍්‍රතිපාදන ද මේ වන විට ඉල්ලා තිබේ.
ඉහළ යමින් පවතින විරැකියාව, කොන්ත‍්‍රාත් අහිමිවීම, වැඩ බලපත‍්‍ර දීර්ඝ නොකිරීම සහ තාවකාලික නිදහස් රැකියා නතර කිරීම වැනි ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් රජයේ දැඩි අවධානය යොමුවී ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ.
මේ අතර ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින්ගේ දෛනික අවශ්‍යතා හා විමසීම් සඳහා ක‍්‍රියාත්මක වීමට පැය 24 පුරා ක‍්‍රියාත්මක හදිසි දුරකථන ඇමතුම් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසටයි විදේශ කටයුතු අමාත්‍යාංශය, සියලූ විදෙස් දූත මණ්ඩල වෙත උපදෙස් දී ඇත.
