Advertise with Giraya
NEWS

කොරෝනා යැයි සැක සහිත රෝගීන් 4ක් මහනුවර රෝහලට

කොරෝනා රෝගීන් බවට සැකපිට පුද්ගලයින් සිව්දෙනකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි කොරෝනා මර්දන හා කළමණාකරණ කමිටුව ප්‍රකාශ කරයි.

මෙම රෝගින් අද (17 ) දිනයේ දි රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුහු මුරුතලාව, හෙම්මාතගම, මහයියාව සහ අකුරණ වැලිකැටියේ පදිංචිකරුවන් බවද දැනගන්නට තිබේ. වයස අවුරුදු අසූ තුන , විසිදෙක , හතලිස් එක සහ හතලිස් හය යන වයස්වල පසුවූ මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් සියලු පරික්ෂණ මේවන විට පවත්වන බව ද එම කමිටුව ප්‍රකාශ කරයි.

කොවිඩ් – 19 හෙවත් කොරෝනා බවට තහවුරු වූ පළමු ව හදුනා ගත් රෝගීන් ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් තවදුරටත් පොලිසිය හා ත්‍රිවිධ හමුදාව එක්ව පරික්ෂණ පවත්වන බවත් බුද්ධි තොරතුරු ඒකකය මගින් වෙනමම පරික්ෂණ පවත්වන බවත් , ඊට අයත් බවට සැකසහිත රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් වහාම මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරිමට කටයුතු යොදා ඇති බවත් මධ්‍යම පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා පවසයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top