පොලිස් නියෝගයන් නොතකමින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් නවදිල්ලියේ මුස්ලිම් පල්ලියක ආගමික මෙහෙයක් පවත්වමින් ඉන්දියාවේ ප්‍රාන්ත 17කට කොරෝනා වෛරසය පැතිරවීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය මුස්ලිම් සංවිධානයක් වන “ටැබ්ලිගි ජමාත් ” සංවිධානයේ නායක මුහම්මද් සාඩ් කන්දල්වී නැමැත්තාට එරෙහිව ඉන්දීය පොලිසිය විසින් මිනිස් ඝාතන චෝදනා ගොනු කර තිබේ.
මෙම රැස්වීම හේතුවෙන් ප්‍රාන්ත 17 ක් පුරා සිටි පුද්ගලයින් 1023 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර විදේශයන් හි සිට පැමිණි පුද්ගලයන්ට ද මෙම රැස්වීම හරහා ද වෛරසය ආසාදනය වී ඇතැයි විශ්වාස කරයි.
ඔහුට මිනිස් ඝාතන චෝදනා එල්ල කර ඇති බැවින් ඔහුට ඇප ඉල්ලීමේ අවස්ථාව අහිමි වී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඉකුත් මාර්තු මාසයේ පවත්වා ඇති අදාළ ආගමික මෙහෙය කොරෝනා වෛරසය පැතිරෙන වාතාවරණයක් තුළ නොපවත්වන ලෙස ඉන්දීය පොලිසිය මගින් ජමාත් සංවිධානයේ නායකයාට අවස්ථා දෙකකදී දැනුම් දී ඇතත් එම නියෝගයන් නොතකමින් ඔහු විසින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් එම ආගමික මෙහෙය පවත්වා ඇති බව පොලිසිය පවසයි .
ජමාත් නායකයා වන කන්දල්වී ද මේ වන විට ස්වයං නිරෝධායනයකට ලක් කර ඇති අතර ඔහු හා ඔහුගේ සංවිධානය පොලිසිය විසින් නගා ඇති චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ .ජමාත් සංවිධානයේ නායක කන්දල්වී කියා ඇත්තේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝඩි විසින් රට පුරා එක් දින ඇඳිරි නීතියක් පනවන බවට ප්‍රකාශ කළ මොහොතේ තමන් අදාළ ආගමික උත්සවය අවලංගු කළ බවයි .
