ඇමරිකා එක්සත් ජනපදියේ ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් වෙත එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ලිපියක් යොමුකර තිබෙනවා.
ඒ, ඇමරිකා එක්සත් ජනපදය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට එරෙහිව නඟා ඇති චෝදනා පිළිබඳ අදහස් දක්වමින් ය. එමඟින් රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කර ඇත්තේ අදාළ චෝදනා විමර්ශනයට ලක්කළ යුතු බව ය.
කෝවිඞ් 19 වසංගතයේ දරුණු බලපෑම සැලකිල්ලට ගනිමින් එක්සත් ජනපද අරමුදල් ලෝක සෞඛ්‍ය සංවිධානයට පෙර පරිදි නැවත ලබා දෙන ලෙස ද රනිල් වික‍්‍රමසිංහ මහතා අමෙරිකානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
කොරෝනා වෛරසය නිසි ලෙස කළමණාකරණය කිරිමට නොහැකි වූ බවට චෝදනා කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන අරමුදල් නතර කිරීමට ඇමරිකාව පසුගිය දා තීරණය කළ අතර එමඟින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුදල් ලබන ශී‍්‍ර ලංකාව වැනි රටවලට අහිතකර බලපෑමක් වනු ඇතැයි රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසා තිබෙනවා.
