කෝපි කඩේ ටෙලි නාට්‍යයේ අප්පුවාගේ චරිතයෙන් ජනාදරයට පාත්‍ර වූ රංගන ශිල්පී ශ්‍රී ලාල් අබේකෝන් මහතා අභාවප්‍රාප්ත වී ඇත.
අසනීප තත්ත්වය හේතුවෙන් අද පෙරවරු 10ට පමණ අබේකෝන් මහතා මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පස්වරු 2ට පමණ මියගොස් ඇත.
මේ වන විට, අවසන් ගෞරව දැක්වීම සඳහා මිගමුව ප්‍රදේශයේ මල් ශාලාවක ඔහුගේ දේහය තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට දිනයේ සිදු කිරීමට නියමිතව ඇත.
අභාවප්‍රාප්ත වන විට ඔහු 72 වන වියේ පසු වූවා.
