Advertise with Giraya
NEWS

පොළොන්නරුව රෝහලේ කොටසක් වසා දමයි

කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක සහිත රෝගියෙකු හමු වීමත් සමඟ පොළොන්නරුව රෝහලේ වාට්ටු අංක 10 වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත.

මෙසේ රෝහල් ගත කර ඇති රෝගියා වැලිකන්ද ,සේනපුර පුනරුත්ථාපන කදවුරේ රාජකාරි කළ යුද හමුදා සෙබළෙක් වන අතර ඉන්පසුව පී.සී.ආර්. පරීක්ෂණය සිදු කර ඇත. එසේම, දැනට පොළොන්නරුව මහ රෝහලේ වාට්‍ටු අංක 10 හි සේවය කළ වෛද්‍යවරුන් හෙද කාර්ය මණ්ඩල හා අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.

කෙසේ වෙතත්, රෝගියෙකු හමු වීමත් සමග පොළොන්නරුව මහ රෝහලේ එම රෝගියා ප්‍රතිකාර ලබමින් සිටි වාට්‍ටුවේ එම රෝගියා හා අනෙකුත් රෝගීන් බැලීමට පැමිණි පුද්ගලයින් පිළිබදව ද දැඩි පරිශ්‍රමයක් දරා අනාවරණය කර ගැනීමට සිදුව ඇති බව ද පොළොන්නරුව දිස්ත්‍රික්කය මේ හෝතුවෙන් අවදානමේ හෙලීම කණගා‍ටුදායක බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියි.

Giraya News Alerts

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර මහතා “මේ රෝගියා වෙනත් අසනීපයකට තමයි පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් වුණේ.කොරෝනා රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුවේ නෑ.සේනපුර පුනරුත්ථාපන කදවුරේ ගබඩා භාරකරු විදිහට සේවය කළ කෙනෙක්.දැනට පළමුවන පී.සී.ආර්.පරික්ෂණය පොසිටිව වෙලා තිබුණ නිසා අපි රෝහලේ 10 වාට්‍ටුව වසා දැමීමට කටයුතු කළා.වෛද්‍යවරුන් 06ක් හෙද හෙදියන් 16ක් හා අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිරෝධායනය කිරීමට කටයුතු කරනවා.ඊට අමතරව එම සෞඛ්‍ය කාර්ය මණ්ඩ ඇසුරු කරපු අය හා රෝගියා බැලීමට පැමිණි ඇසුරු කළ අය පිළිබදව පරික්ෂා කරනවා.අපි කමි‍ටු පත් කරලා තියෙනවා.ඒ කමි‍ටු විසින් වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.මේ රෝගියා ත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සියලු දෙනාත් බලන්න ආව අයත් හැමෝම මුඛ ආවරණ පැළද සිටීම නිසා අපට තිබෙන අවදානම අඩුයි කොහොම වුණත් අපි මේ ගැන දැඩි විමසිල්ලෙන් ඉන්නේ.” යැයි පැවසීය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top