Advertise with Giraya
FOREIGN

කොරෝනා වසංගතය මැද පැවත් වූ දකුණු කොරියානු ඡන්දයේ ජය පාලක පක්ෂයට

දකුණු කොරියානු මහ මැතිවරණයෙන් එරට පාලක පක්ෂය වන ජනාධිපති මූන් ජේ ඉන් නියෝජනය කරන ඩිමොක‍්‍රටික් පක්ෂය ජය ලබා තිබෙනවා.

ඒ අනුව ආසන 330 කින් යුත් දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ ආසන 180 ක බලය හිමි කර ගෙන ඇත්තේ ඩිමොක‍්‍රටික් පක්ෂයයි. 1987 න් පසුව දකුණු කොරියාවේ පක්ෂයක විසින් ලබා ගත් බහුතර ආසන සංඛ්‍යාව මෙවර මැතිවරණයේ දී ඩිමොක්‍රටික් පක්ෂය හිමි කර ගෙන ඇති බව යෝන්හප් පුවත් සේවය වාර්තා කරයි.

ප‍්‍රතිවාදී UFP පක්ෂය ආසන 103 ක් පමණක් දිනා ගෙන තිබෙනවා. දකුණු කොරියාව මෙවර මහ මැතිවරණය පැවැත්වූයේ එරට නව කොරෝනා වෛරසය පැතිර ගොස් ඇති පසුබිමක් තුළවීම විශේෂත්වයක්.

Giraya News Alerts

පසුගිය බදාදා දිනයේ පැවැත් වූ මැතිවරණයේ දී ජනතාව මුහුණු ආවරණ පැළැඳ, මීටරයක් පමණ දුරින් සිට පෝලිම් ගැසී ඡන්දය ලබා දෙන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. ඡන්දය ලබා දීමට පෙර ජනතාවගේ උෂ්ණත්වය පරික්ෂා කිරිමටත් අත් විසබීජ නාශක යොදා පිරිසිදු කර ගැනීමටත් ඉන්පසුව එක්වරක් පමණක් භාවිතා කළ හැකි ප්ලාස්ටික් අත්ආවරණ පැළැඳීමටත් රජය විසින් කටයුතු සම්පාදනය කර තිබිණි.

කෝවිඩ් 19 වසංගත තත්ත්වයේ මුල් කාල සිමාවේදී චීනයට පසුව ලොව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් දකුණු කොරියාවේ වාර්තා වූව ද ඔවුන් ආසාදිතයින් හඳුනා ගැනීමට දියත් කරන ලද පරීක්ෂණ කටයුතු වේගවත් කිරීමෙන් හා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට ප්‍රශස්ත මට්ටමේ වැඩපිළිවෙලක් දියත් කිරීම හේතුවෙන් වෛරසය පැතිරීම පාලනය කිරීමට ඔවුන් සමත් විය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top