Advertise with Giraya
NEWS

බේරුවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 10ක් කොරෝනා සෞඛ්‍ය සේවා රාජකාරිවලින් ඉවතට

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ සේවය කරන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දස දෙනෙකු බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සමග ඇති වූ මත ගැටුමක් නිසා ඊයේ (15) උදෑසන සිට කොරෝනා සෞඛ්‍ය සේවා රාජකාරීවලින් ඉවත් වී ඇත.

මේ අයුරින් ඔවුන් සේවයෙන් ඉවත් වීමට හේතු වී තිබෙන්නේ, බේරුවල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ, කළුතර මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයනාත් යන මහත්වරුන් ස්ථාන මාරු කිරීම් නිසා ඊට විරෝධය පළකිරීම සඳහා බැව් වාර්තා වේ.

ඊයේ (15) බේරුවල මහ පල්ලියේදී පුද්ගලයන් 64 දෙනෙකු පරීක්ෂා කර ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ ගැනීමට නියමිතව තිබූ අතර ඇති වී ඇති තත්ත්වය මත එම පරීක්ෂණ කටයුතු අඩාල වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසයි.

Giraya News Alerts

මේ පිළිබඳ කළුතර දිසා ලේකම් යූ. ජී. සී. ජයලාල් මහතාගෙන් විමසූ විට පවතින ගැටලූ සහගත තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වා ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ පිළිබඳ තීරණයක් ගනු ඇතැයි තමා විශ්වාස කරන බව ද සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top