Advertise with Giraya
NEWS

නීතීඥ හිජාස් හිස්බුල්ලාත් CID භාරයට

2019 අප්‍රේල් 21 පාස්කු සිදුවීම්වලට සම්බන්ධ විමර්ශනයන්ට අදාළව නිතීඥ හිජාස් හිස්බුල්ලා ද අප්‍රේල් 14 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බව වාර්තා වේ.

ප්‍රසිද්ධ පිළිගත් නීතිඥවරයෙක් ලෙස සැළකෙන මෙම නිතීඥවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම ප‍්‍රදේශයේදී වන අතර ඔහු පාස්කු ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් දෙදෙනෙකු සමග සමීපව කටයුතු කළ බවට චෝදනා එල්ල වී තිබේ.

අත්අඩංගුවට පත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරු රියාඩ් බදුර්දීන් හා මෙම නීතිඥවරයා රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බවද වැඩිදුරටත් වාර්තා වේ.

Giraya News Alerts

අත්අඩංගුවට පත් නීතිඥවරයා ආගමික සංවේදිතාවයක් ඇති නඩු බොහොමයක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකු වේ.

මුස්ලිම් ජාතික ශිෂ්‍යාවකට පාරම්පරික පන්ජාබ් ඇඳුමින් සැරසී පාසල් පැමිණීම නාවල ජනාධිපති බාලිකා විද්‍යාලය මගින් තහනම් කිරීමකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සම වෙනුවෙන් පෙනී සිටියේ ද හිජාස් හිස්බුල්ලා යි.

ආන්දෝලනාත්මක වෛද්‍ය සාෆි සහබ්දීන්ගේ නඩුවේදී සාෆි සහබ්දීන් වෙනුවෙන් පෙනී සිටියේද නීතිඥ හිජාස් හිස්බුල්ලා බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2018 ඔක්තොම්බර් 26 පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකළ පෙත්සමේ පෙත්සම්කරුවෙකු වන මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්න ජීවන් හූල් වෙනුවෙන් පෙනී සිට ඇත්තේ ද නීතීඥ හිජාස් හිස්බුල්ලා යි.

එමෙන්ම බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව පැවරූ නඩු 5ක පමණ ඥාණසාර හිමියන්ට එරෙහිව පෙනී සිට ඇත්තේ ද අදාළ නීතිඥවරයා බව බොදුබල සේනා සංවිධානය කියා සිටිනවා.

-Rivira.lk-

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top