අද (15) දිනයේ දී ලොව පුරා කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් ප්‍රමාණය මිලියන 2 ඉක්මවා ගියා. ඒ අනුව, දැනට ලොව පුරා කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 2,000,336ක් වේ. එසේම, මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසයට මිනිස් ජීවිත 126,760ක් බිලි වී ඇත.
කොරෝනා වෛරසයෙන් දැඩි බලපෑමක් එල්ල වූ ඉතාලිය, ප්‍රංශය,ස්පාඤ්ඤය වැනි යුරෝපා රටවල් වල මේ වන විට සැලකිය යුතු ප්‍රමාණයක ජීවිත හානි අඩු වීමක් පෙන්නුම් කරයි.
දැනට වැඩිම කොරෝනා ආසාදිත ප්‍රමාණයක් වාර්තා වන ඇමරිකා එක්සත් ජනපදයේ වෛරසය හේතුවෙන් මිය ගිය ගණන 26, 064ක් වේ. එසේම, 614,214 දෙනෙකෙු යට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත. ඊයේ (14) දිනය තුළ දී පමණක් ඇ.එ.ජ කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 2407 දෙනෙකු මරණයට පත් වී ඇත.
පසුගිය කාලයේ දැඩි බලපෑමක් එල්ල වූ ස්පාඤ්ඤයේ ඊයේ (14) දිනයේ දී වාර්තා වූ මරණ සංඛ්‍යාව 499 ක් වන අතර වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 3961 ක් වේ. පසුගිය මාර්තු 22 වනදායින් පසුව එරටින් වාර්තා වූ අඩුම කොරෝනා සංඛ්‍යාව ලෙස එය සටහන් වේ.
දැනට ඇ.එ.ජ පසුව වැඩිම මරණ වාර්තා වන ඉතාලියේ ඊයේ (14) දිනයේ දී වාර්තා වූ පුද්ගල මරණ සංඛ්‍යාව 602ක් වේ. එසේම, නව ආසාදිතයින් 2972ක් ඉතාලියෙන් ඊයේ (14) දිනයේ දී වාර්තා වි ඇත. කෙසේ වෙතත්, ඉතාලියෙන් ඊයේ වාර්තා වූ ආසාදිතයින් ප්‍රමාණය පසුගිය මාර්තු 16 වනදායින් පසුව එරටින් වාර්තා වූ අඩුම කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය වේ. නමුත්, දිනකට තවමත් ඉතාලියේ පුද්ගලයින් 500කට වැඩි ප්‍රමාණයක් කොරෝනා වෛරසය හේතුවෙන් මරණයට පත් වේ.
එක්සත් රාජධානියේ මේ වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 93,873ක් වන අතර මරණ ප්‍රමාණය 12,107 ක් වේ. ඊයේ (14) දිනයේ දී පමණක් එක්සත් රාජධානියේ පුද්ගලයින් 778 දෙනෙකු මරණයට පත් වී ඇත.
ප්‍රංශයේ මේ වනවිට, වාර්තා වූ මුළු රෝගීන් ප්‍රමාණය 143,303ක් වන අතර ඉන් 98,769 දෙනෙකු ආසාදිත තත්ත්වයේ පසුවේ. දැනට ප්‍රංශයෙන් වාර්තා වූ මුළු මරණ ප්‍රමාණය 15,729ක් වේ. ඊයේ (14) දිනයේ දී ප්‍රංශයෙන් නව ආසාදිතයන් 6524ක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් 762 ක් ජීවිතක්ෂයට පත් වී තිබේ.
මීට අමතර, අසල්වැසි ඉන්දියාවේ ද මේ වන විට වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිතයින් ප්‍රමාණයේ සැලකිය යුතු වර්ධනයක් පවතී. දැනට ඉන්දියාවේ පුද්ගලයින් 393 දෙනෙකු වෛරසය හේතුවෙන් මිය ගොස් ඇති අතර වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 11,487 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ (14) දිනයේ දී වාර්තා වූ නව ආසාදිත පුද්ගලයින් 1034 දෙනාත් සමඟයි. ඊයේ (14) දිනයේ දී ඉන්දියාවේ කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 35 ක් මරණයට පත් වී ඇත.
