Advertise with Giraya
NEWS

රන්ජන්ට ප්‍රතිකාර කරන්න පැමිණි පුද්ගලයා භෞතචිකිත්සකවරයෙක් නොවේ

ඊයේ (13) පස්වරුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ප්‍රතිකාර කිරීමට යැයි පවසා කෝට්ටේ මාදිවෙල මන්ත්‍රී නිවාස වෙත පැමිණි පුද්ගලයා භෞතචිකිත්සකවරයෙකු නොවන බව රජයේ භෞතචිකිත්සක නිලධාරීන්ගේ සංගමය සඳහන් කර සිටියි.

ශ්‍රී ලංකාවවේ භෞතචිකිත්සකවරයෙකු ලෙස සේවය කිරීම සඳහා සිව් අවුරුදු ‍භෞතචිකිත්සක උපාධිය සමඟ ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචිය අවශ්‍ය බවද එම සංගමය පෙන්වා දෙයි.

ඊයේ දිනයේ දී ‍හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හමුවීමට පැමිණ ඇතැයි සැලකෙන පුද්ගලයා එවැනි සුදුසුකමක් නැති අයෙකු බවද භෞතචිකිත්සක සංගමය ‍සඳහන් කරයි.

Giraya News Alerts

කෙරෝනා වෛරසයෙන් පෙලෙන රෝගීන් එයින් මුදා ගැනීමේ දී රෝගීන්ගේ ශ්වසන පද්ධතිය සක්‍රියව පවත්වා ගැනීමට භෞතචිකිත්සක නිලධාරීන් ආන්ත්‍රාව දර ගනිමින් විශාල සේවය නියැලී සිටින මෙවන් මොහොතක එම නිලධාරීන්ගේ චිත්ත ධෛර්යට හානි සිදුවන ආකාරයෙන් මෙලෙස විෂමාචාරී ක්‍රියාවන් සිදු කිරීම දැඩි පිළි‍කුලෙන් යුතුව හෙළා දකින බවත් රජයේ භෞතචිකිත්සක නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් කියා සිටියි.

තවද මෙම පුද්ගලයා රජයේ සේවකයෙකු නොවන බවද එම සංගමය පවසයි

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top