Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

Exclusive: රන්ජන් රාමනායක අත්අඩංගුවට

පොලිසියේ රාජකාරියට බාධා කරා යැයි චෝදනාව මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට පිළියන්දල දක්වා වියළි ආහාර ප්‍රවාහනය කිරීමට යැයි පවසමින් ලබාගත් ඇඳිරිනීති බලපත්‍රයක් උපයෝගි කරගනිමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ භෞතචිකිත්සක යැයි හඳුන්වාගත් පුද්ගලයෙකු ඇඹිලිපිටියේ සිට පිළියන්දල දක්වා පැමිණ තිබේ. නමුත්, ඔහු පැමිණි රථයේ වියළි ආහාර කිසිවක් නොමැතිව බව වාර්තා වේ.

පසුව, අදාළ පුද්ගලයා ඇඳිරි නීති බලපත්‍ර නීතිරීති උල්ලංඝනය කරමින් මාදිවෙල මන්ත්‍රී නිවාස පරිශ්‍රයට ඇතුළුවීමට උත්සාහ කිරීමේ දී පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී ඇඳිරිනීති බලපත්‍ර උල්ලංඝනය කර ඇති බවට අනාවරණය වීමත් සමඟ පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කර තිබේ. එසේ ප්‍රශ්න කිරීමකට ලක් කිරීමේ දී රන්ජන් රාමානායක මහතා විසින් එයට විරෝධය පළ කර ඇත.

Giraya News Alerts

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top