Update at 7.50 PM
කොරෝනා වෛරසය ආසාදිත තවත් පුද්ගලයින් තිදෙනෙකු මීට සුළු වේලාවකට ප්‍රථම හඳුනාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කර සිටියි. ඒ අනුව, මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 217 දක්වා ඉහළ යනු ඇත.
එසේම, දැනට කොරෝනා ආසාදිත රෝගීන් 154 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටියි.
____________________________________________________________________________
අද (13) කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් සිව් දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ථ කොරෝනා වෛරසය ආසාදිත වූවන් ගණන 214 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි.
එසේම, දැනට රෝගීන් 56 දෙනෙකු සුවය ලබා ඇති අතර තවත් රෝගින් 151 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබයි.
