Advertise with Giraya
NEWS

අලුත් අවුරුද්දට ජනපති හා අගමැතිගේ සුභ පැතුම් පණිවිඩය

උදාවන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සතුට, සාමුහිකත්වය සහ සබඳතා ඇති කර ගන්නා හා තර කර ගන්නා අවස්ථාවක් ලෙස සැලකුණ ද මෙවර පෙර නොඇසූ තරම් ආපදාවකට මුහුණ දී සිටියදී සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද සැමරීමට ශ‍්‍රි ලාංකිකයන්ට සිදු වී ඇති බවයි එමඟින් පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද උදාවේ දී ත් සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් වගකීමෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා සියලූදෙනාගෙන් ඉල්ලීමක්ද කරනවා.

සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද යනු ස්වභාවදහම සමග බැඳී ඇති මිනිසා ස්වභාවදහම වන්දනා කරන අවස්ථාවක් බව ද සිහිපත් කරන ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ස්වභාවදහම සමග බැඳී ජීවත්වීමේ වැදගත්කම මෙවර සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද උදාවේ දී වඩාත් දැනෙනු ඇති බවයි.

Giraya News Alerts

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපකෂ මහතා ද සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ජාතීන් අතර සමගිය සහ සහජීවනය වර්ධනය කර ගැනීමට මෙය ඉතා හොද අවස්ථාවක් බවයි එමඟින් පෙන්වා දී ඇත්තේ.

සෞඛ්‍ය වාරණ හා නිර්දේශ පනවනු ලැබ තිබුණද අර්ථය නොනසා සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද හා බැදුණු චාරිත‍්‍ර ඉටු කල හැකි බවද අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඒ අනුව චාම් හා සරල අයුරින් උපේක්ෂා සහගතව නිවසේ සාමාජිකයන් සමඟ පමණක් එක්ව මෙවර සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද සමරන ලෙසයි අග‍්‍රාමාත්‍යවරයා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිින්නේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top