කොළඹ දිස්ත්රික්කය තුළ කම්හල් විශාල ප්රමාණයක් ඇති බැවින් ඒවායේ සේවයේ නිරත වන පිරිස් විවිධ ප්රදේශවලින් පැමිණෙන බැවින් ද කෝවිඩ් 19 වෛරසය ශරීරගතවූවකු ගෙන් යලි බොහෝ පිරිසක් රෝගීන් වීමේ අවදානමක් ඇති බව කොළඹ දිස්ත්රික් කොරෝනා මර්දන කමිටුව පෙන්වා දෙයි.
එබැවින්, පවතින් තත්ත්වය සමහන් වූ පසු කොළඹ නගරයේ දැනට වසා දමා තිබෙන් කම්හල් හා සේවා ස්ථාන යළි විවෘත කිරීමේ දී සේවයට වාර්තා කරන සියළුම සේවකයන් කොරෝනා වෛරසය ශරීරගත වී ඇත්දැයි තහවුරු කර ගැනීමට සිදු කරන PCR පරීක්ෂණය සිදු කළ යුතු බවට එම කමිටුව තීරණය කර තිබේ.
ඒ අනුව, සේවකයන් යළී සේවයට වාර්තා කිරීමේ දි මෙම පරික්ෂණය සිදු කිරීමෙන් පසු ඔවුන්ට රාජකාරියට වාර්තා කිරීමට අවස්ථාව දිය යුතුබවට ද එම කමිටුව තීරණය කර ඇත.
