Advertise with Giraya
NEWS

අලුත් අවුරුදු උත්සව සංවිධානය කර තිබේ නම් නවත්වන්න… වැඩ බලන පොලිස්පතිවරයාගෙන් උපදෙස්

ග්‍රාමීය මට්ටමින් සංවිධානය කෙරෙන කුඩා ප්‍රමාණයේ අලුත් අවුරුදු උත්සව නතර කිරිමට පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාව තුළ නාගරික මට්ටමින් බැහැරව ග්‍රාමිය මට්ටමින් අවුරුදු උත්සව සංවිධානය කිරිමට සූදානමක් පවතින බවට පොලිසියට තොරතුරු ලැබී ඇති බවයි.

එම නිසා පොලිස් ස්ථාන මඟින් ක්‍රියාත්මක කරන ජංගම සංචාර හා යතුරුපැදි සංචාර ග්‍රාමිය ප්‍රදේශයන්හි වැඩි වශයෙන් යොදවා මහජනයා ඒකරාශී වන උත්සව නතර කිරිමට පියවර ගන්නා ලෙස වැඩ බලන පොලිස්පතිවරයා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම පිණිස ඇඳිරි නීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ යහපත වෙනුවෙන් බැවින් ඇති වන දුෂ්කරතා අවබෝධ කරගෙන වගකීමෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top