හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ‘මව්බිම’ පුවත්පතට ලබා දුන් විශේෂ සාකච්ඡාවක දී පවසා තිබුනේ මෙරට රෝගීන් අඩුවෙන් වාර්තා වන්නේ කරන පරීක්ෂණ ප්‍රමාණය අඩු වීම හේතුකොට ගෙන බවයි.
එහිදි ඔහු පවසා තිබුනේ, “දකුණු කොරියාවේ මිලියනයකට 8000ක් පරීක්ෂා කරනවා. නමුත් අපේ රටේ මිලියනයකට 100යි. ඇමෙරිකාවෙත් මේ තරම් රෝගීන් වාර්තා වෙන්නේ විශාල ප්‍රමාණයෙන් Test කරන නිසයි. දැන් අපේ රටේ එක දවසකදී 20ක් අහුවුණානේ. ඒ මොකද? එදා කරපු පරීක්ෂණ ප්‍රමාණය වැඩියි. දැන් පෞද්ගලික රෝහල්වලත් වෛද්‍ය රසායනාගාරවලත් මේ පරීක්ෂණය කරන්න දෙන්නේ නැහැ. Test කරන ප්‍රමාණය මත තමයි රෝගීන් අහුවෙන්නේ. එහෙම බැලුවම අද සමාජයේ නිදැල්ලේ දස දහස් ගණන් කොරෝනා රෝගීන් සිටිනවා.” යනුවෙනි.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ද වන ජගත් වැල්ලවත්ත මහතා තම ෆෙස්බුක් ගිණුමෙහි අදහස් පළ කර තිබේ.
එම උපුටා ගැනීම පහතින් දැක්වේ.
කොරෝනා සහ රාජිත
ලංකාව කොරෝනා වසංගතයට මුහුණ දෙන ආකාරය පිළිබඳ වෛද්‍ය රාජිත සේනාරත්න විසින් ඉදිරිපත් කරන අළුත්ම තර්කය නම් ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් මෙතරම් අඩුවෙන් වාර්තා වන්නේ එය පාලනය කිඑීම සම්බන්ධයෙන් රජය ගෙනයන වැඩපිළිවෙල සාර්ථක නිසා නොව රෝගීන් හඳුනා ගැනීම සඳහා කළ යුතු පරීක්ෂණ නොකිරීම නිසා හඳුනා ගෙන ඇති සංඛ්‍යාව අවම වීම බවයි. සත්‍යය නම් රට පුරා මෙම රෝගීන් දහස් ගනන් සිටින බවය යන්නයි. මෙය රාජිතගේ පමණක් නොව සජිත්ගේ කණ්ඩායමේ ම මතයයි.
බැලූ බැල්මට එහි සරළ තර්කයක් තිබිය හැක. රජය තවමත් රටේ සියලු පුද්ගලයන් කොරෝනා පරීක්ෂණයට භාජනය කිරීමට තීරණයක් ගෙන නැත. ඒ එවැනි රෝග ව්‍යාප්තියක් රට තුළ නොපවතින බැවිනි. රට පුරා එවැනි රෝගීන් සිටී නම් ඔවුන් කවර ආකාරයකින් හෝ රෝහල් වෙත යා යුතුය. නැතිනම් මැරි මැරී වැටාය යුතුය. එහෙත් එවැනි තත්ත්වයක් රට තුළ දකින්නට නොමැති බව අප සියලු දෙනාම දන්නා කරුණකි.
රාජිත තම තර්කය සනාත කිරීමට ඉදිරිපත් කරන උදාහරණය ඇමරිකාවේ තත්තවයයයි. එරටේ මෙතරම් සංඛ්‍යාවක් රෝගීන් සහ මරණ වාර්තා වීමට හේතුව සියලු දෙනාම පාහේ පරික්ෂාවට ලක් කිරීමයි. ඇමරිකාවට ලංකාවට වඩා සෞඛ්‍යය සම්පත් ඇති බවට තර්කයක් නැත. එහෙත් ඇමරිකාවෙන් සහ යුරෝපයෙන් රෝගීන් සහ මරණ දිනක දහස් ගනනින් වාර්තා වන්නේ පරීක්ෂණ වැඩි නිසා නොවේ. ඔවුන් මෙම රෝගය වැළැක්වීමට තමන්ට ඇති හැකියාව ගැන අධිතක්සේරුවක සිටි නිසාය. හරියට තමන් ඇමතිකමේ සිටියා නම් දින තුනකින් කොරෝනා හොඳකරන බව රාජිත කී පරිද්දෙනි. එම වැරදි උපකල්පනය නිසා සමාජ දුරස්ථකරණ උපාය මාර්ගය ඔවුන් බැහැර කළහ. ප්‍රතිඵලය වූයේ අති සීඝ්‍රයෙන් රෝගය රට තුළ ව්‍යාප්ත වීමයි. ඇමරිකාවට පරීක්ෂණ වැඩි කිරීමට සිදු වූයේ ඒ නිසාය. ඇමරිකාවද පරික්ෂාවට ලක් කරන්නේ රෝග ලක්ෂණ ඇති අය විනා සියලු දෙනාම නොවේ. අධික රෝගීන් සංඛ්‍යාවක් සහ මරණ සංඛ්‍යාවක් දිනපතා වාර්තා වීම නිසා ඔවුන් දැන් මුහුණ පා සිටින බරපතලම අනතුර සෞඛ්‍යය අංශ දැඩි ලෙස අකර්මන්‍යතාවට පත් වෙමින් සිටීමයි. මොනතරම් සම්පත් තිබුණත් මෙවැනි ව්‍යවසනයක දී එම තත්ත්වයට මුහුණ දෘමට සිදුවුව හොත් එය රෝග මර්ධනය සම්බන්යෙන් ඇතිවන බරපතලම පරාජයකි.
අපේ රට භෞතික සම්පත් අතින් පහලින් සිටියද මානව සම්පත් අතින් ඉදිරියෙන්ම සිටින රටක් බව මෙම ව්‍යවසනයට මුහුණදීමේදීත් නැවත නැවත සනාථ කර තිබේ. වෛද්‍යවරුන් ප්‍රමුඛ සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සියලු හමුදා සහ පොලිස් නිලධාරීන් සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ගේ සිට පහළම කම්කරුවා දක්වා වැඩ කරන්නේ රට පිළිබඳව වන විශාල හැඟීමකිනි. රාජිතලා මේ කරන්නේ එහෙව් මිනිස්සුන්ට ගැරහීමකි.
