Advertise with Giraya
POLITICS

මැතිවරණයට වාතාවරණය සැකසීම රජයේ වැඩක්

මැතිවරණයේ දින නියම කිරීමේ වගකීම මැතිවරණ කොමිසම සතුව තිබුණත් මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය වාතාවරණය සකස් කිරීම රජයේ වගකීමක් බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසයි.

මාර්තු (19) නාමයෝජනා කැඳවා මැතිවරණය පැවැත්වීමේ දින වකවානු නියම කර තිබුණද හදිසි කොරෝනා තත්ත්වය හේතුවෙන් මැතිවරණය දින නියමයකින් තොරව කල් දැමීමට කොමිසමට සිදුවූ බවත්, කොමිසම විසින් ගත් ඒ තීන්දුව රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඉතා වැදගත් තීරණයක් බවත් ජවිපෙ නායකයා පෙන්වා දුන්නේය.

එය එසේ නොවී ආණ්ඩුව සිය බලලෝභී වුවමනා මත මැතිවරණය පැවැත්වීමට කොමිසම කටයුතු කළේ නම් අද රටට අත්විය හැකි ඉරණම ගැන සිතා ගත නොහැකි යැයි පැවැසූ ඒ මහතා දැන් ජනාධිපති ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමට චෝදනා එල්ල කිරීමෙන් පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ බල වුවමනාවට කොමිසම යටත් නොවූ නිසා බවයි.

Giraya News Alerts

එම නිසා කොමිසමට අයාලේ ‍දොස් පැවැරීම නවත්වා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය වාතාවරණය ආණ්ඩුව විසින් නිර්මාණය කරන ලෙස දිසානායක මහතා වැඩිදුරටත් ඉල්ලීමක් කළේය.

-Mawbima-

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top