Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ලංකාවේ ලාබාලතම කොරෝනා වෛරසය ආසාදිත රෝගියා සුව වෙයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ලාබාලතම කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියා වූයේ මාස හතරක බිළිඳෙක් ය. පසුගිය මාසයේ 30 වන දා එම බිළිඳාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා විය.

මේ වන විට එම බිළිඳා සුවය ලබා ඇති බවත් බිළිඳා සුවවී නැවත පැමිණීමත් සමග ම නාත්තන්ඩිය ගැමුණු මාවතේ නිරෝධායනයට ලක්කර සිටි පවුල් 16ක් නිරෝධායන කටයුතු වලින් ඉවත් කළ බව නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උපුල් ජයතිලක පැවසිය.

මෙම බිළිඳා ට කොරෝනා වැළඳී ඇති බව හඳුනා ගන්නා විට ඔහුගේ දෙමාපියන්ට කොරෝනා වැළඳී නොතිබීම විශේෂත්වයකි. ඒ අනුව මේ දරුවාට කොරෝනා වැළඳී තිබුනේ සීයාගෙන් බවට සැකයක් මතු විණි. ඊට ප්‍රධාන හේතුව වුයේ ඒ වන විටත් සීයා කොරෝනා වැළඳී කොළඹ උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේ ය.

Giraya News Alerts

මෙම බිළිඳාට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇත්තේ හලාවත රෝහලට අනුබද්ධ නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් සිටියදීය. ඒ අනුව එම කුඩා දරුවා කොළඹ උණ රෝහල වෙත මාරු කර යැවීමට හලාවත මහා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල මල්ලවආරච්චි පියවර ගන්නා ලදී.

පසුව ඔහුගේ පවුලේ සාමාජිකයන් හතර දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූ අතර ඉන් තිදෙනෙකු මේ වන විට සුවය ලබා නැවත නිවසට පැමිණ තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top