Advertise with Giraya
Giraya NewsGiraya News
FOREIGN

පාස්කු ඉරිදා දේව මෙහෙය අවසානයේ පාප් වහන්සේ ලොවට දුන් පණිවිඩය

කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය වසංගතයක් ලෙස ලොව පුරා පැතිර යමින් තිබියදී අද ලොව පුරා කිතුනුවන් විවිධ සීමාවන්ට යටත්ව අද (12) පස්කු ඉරිදාව සමරනු ලැබුවා.

පාස්කු ඉරිදා දින සමරමින් ප්‍රධාන දේව මෙහෙය ශූද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ විසින් වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකා දෙව්මැදුරේදී පැවැත් වුන අතර වෙනදා මෙන් දේව මෙහෙයට දස දහස් සංඛ්‍යාත පිරිස් සහභාගී වූයේ නැත. අද දින ඊට සහභාගී වී සිටියේ දෙව්මැදුරේ සේවකයන් සහ ආරාධිතයන් කිහිපදෙනෙකු පමණි. කෙසේ වෙතත් මෙම දේව මෙහෙය සජීව ලෙස නැරඹීමට ලොව පුරා කිතුනුවන්ට අන්තර්ජාලය ඔස්සේ පහසුකම් සපයා තිබුණා.

ශූද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ දේව මෙහෙය අවසානයේ කියා සිටියේ, නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතාව බිය විය යුතු නොමැති බවයි. නව කොරෝනා වෛරසය ලෝකයට රැගෙන ආ පණිවිඩය වටහා ගත යුතු බවද මරණය අභිමුවදීත් ජීවිතය පිළිබඳ පණිවිඩකරුවන් විය යුතු බවද ශූද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ මෙහිදී කියා සිටියා.

Giraya News Alerts

ජර්මනියේ දේවාස්ථානයක අද පාස්කු ඉරිදා දේව මෙහෙය සිදු කෙරුණේ ආසනවල බැතිමතුන්ගේ ‍ඡායාරූප රඳවායි.

පෝලන්තයේදී පියතුමන් අශ්ව කරත්තයක නැග නිවෙස් වෙත යමින් නිවෙස් ඉදිරිපිට සිටින බැතිමතුන්ට ශූද්ධ ජලය ඉසිමින් ආශීර්වාද කර තිබෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top