Advertise with Giraya
FOREIGN

කොරෝනා මරණවලින් ඇමරිකාව ඉතාලිය අභිබවයි… ඉන්දියාවේ මරණ 288ක් දක්වා ඉහළට

ලොව පුරා දැනට වාර්තා වී ඇති කෝවඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන 1,780,314ක් වේ. එසේම, මෙම වසංගත තත්ත්වය හේතුවෙන් දැනට පුද්ගලයින් 108,827 දෙනෙකු මරණයට පත් වී තිබේ.

කොරෝනා වෛරසය හේතුවෙන් වැඩිම ජීවිත හානියක් සිදු වූ ඉතාලිය අභිබවමින් මේ වන විට ඇමරිකාව මිනිස් ජීවිත හානි ගණන 20,577 පසු කරමින් සිටියි. දැනට ඇමරිකාවේ වාර්තා වූ මුළු ආසාදිතයින් ගණන 532,879 දෙනෙකු වේ. ඊයේ (11) දිනයට පමණක් ඇමරිකාවෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 1830කි. අප්‍රේල් 07 වන දා සිට ඇමරිකාවේ දිනකට ජීවිතක්ෂයට පත්වන පුද්ගලයින් ගණන 2000කට ආසන්න වශයෙන් වාර්තා වූ අතර පසුගිය 10 වන දා එය 2035ක් ලෙස වාර්තා විය. ඇමරිකාවෙන් වාර්තා වු මරණ අතුරින් වැඩිම ගණනක් වාර්තා වන්නේ නිව්යෝර්ක් නගරයෙන් ය.

ඇමරිකාවෙන් පසුව මේ වන විට දිනකට වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ බ්‍රිතාන්‍යයෙන් වේ. ඊයේ (11) දිනට පමණක් බ්‍රිතාන්‍යයේ සිදු වූ ජීවිත හානි ගණන 917ක් වේ. දැනට 68,772 දෙනෙකු ආසාදිත තත්ත්වයේ පසුවන අතර වාර්තා වූ මුළු රෝගීන් ගණන 78,991ක් වේ. බ්‍රිතාන්‍යයේ ජීවිතක්ෂයට පත් වූ සමස්ත පුද්ගලයින් ගණන 9875ක් වේ.

Giraya News Alerts

ඊයේ (11) දිනයේ දී ප්‍රංශයේ සිදු වූ මරණ ගණන 617ක් වන අතර මේ වන විට ප්‍රංශයේ කොරෝනා වෛරසය හේතුවෙන් මරණයට පත් වූ පුද්ගලයින් ගණන 13,832ක් වේ. මේ වන විට ප්‍රංශයේ පුද්ගලයින් 89,431 දෙනෙකු වෛරසය නිසා රෝගීව පසුවන අතර වාර්තා වූ මුළු රෝගීන් ගණ 129,654ක් වේ.

පසුගිය සති කිහිපයට සාපේක්ෂව වාර්තා වූ පුද්ගල මරණ සංඛ්‍යාවට සාපේක්ෂව ඉතාලියේ මේ වන විට සිදු වන ජීවිත හානි ප්‍රමාණයේ අඩු වීමක් දක්නට ලැබුණ ද තවමත් ඉතාලියේ දිනකට පුද්ගලයින් 500කට වැඩි ප්‍රමාණයට කොරෝනා වෛරසය හේතුවෙන් දිවි අහිමි වේ. ඊයේ (11) දිනයේ ද ඉතාලියේ පුද්ගලයින් 619 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත්තේ කොරෝනා වෛරසයට බිලි වීමෙන් ය. එසේම, තවමත් ඉතාලියේ පුද්ගලයින් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ආසාදිත තත්ත්වයේ පසුවන අතර වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 152,271ක් වේ. ඊයේ (11) දිනය තුළ දී ද ඉතාලියෙන් නව ආසාදිතයින් 4694 දෙනෙකු හඳුනාගෙන ඇත.

ඉතාලියෙන් පසුව වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන් වන අතර මේ වන විට එහි වාර්තා වී ඇති පුද්ගල මරණ ගණන 16,606කි. ස්පාඤ්ඤයෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 163,027ක් වේ. ඊයේ (11) දිනයේ ද ස්පාඤ්ඤයේ පුද්ගලයින් 525 දෙනෙකුට කොරෝනා වෛරසය හේතුවෙන් තම ජීවිතය අහිමි විය. ඊයේ (11) දිනයේ දී පමණක් හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 4754ක් වේ. එසේම, දැනට 87,312 දෙනෙකු වෛරසය හේතුවෙන් රෝගී තත්ත්වයේ පසුවේ.

කොරෝනා වෛරසය හේතුවෙන් අසල්වැසි ඉන්දියාවේ ද මේ වන විට මිය ගිය ගණන 288ක් දක්වා ඉහළ ගොස් ඇත. අප්‍රේල් 09 වන දා සිට ඉන්දියාවෙන් වාර්තා වූ නව ආසාදිතයින් ප්‍රමාණය වැඩි වූ අතර එය දිනකට පුද්ගලයින් 800 ප්‍රමාණය ඉක්මවා ගියා. දැනට ඉන්දියාවේ වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8446ක් වන අතර රෝගීන් 969 දෙනෙකු සුවය ලබා ඇත. ඊයේ (11) දිනයේ දී ඉන්දියාවේ කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top