කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වුණු රත්නපුර මැණික් ව්‍යාපාරිකයා ඇසුරු කළ පුද්ගලයින් 12 දෙනෙකු සහ එම ව්‍යාපාරිකයාගේ පැල්මඩුල්ල ප්‍රදේශයේ නෑදෑ නිවෙස අසල පදිංචිකරුවන් දස දෙනෙකුගේ ජීව සාම්පල පරීක්ෂණ සදහා ලබාගෙන තිබේ. ඊට අමතරව, එම මැණික් ව්‍යාපාරිකයා සමග සමීප සම්බන්ධතා පැවත්වු පුද්ගලයින් 83 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබේ.
ඉන් 67 දෙනෙකු දියතලාව හමුදා කඳවුරේ නිරෝධානයට ද සෙසු අය ස්වයං නිරෝධායනය සඳහා නිවෙස්වලට යොමු කර ඇතැයි සබරගමු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසිය .
පසුගිය දා රාත්‍රියේ රත්නපුර ශික්ෂණ රෝහලට කැදවු රත්නපුර මැණික් ව්‍යාපාරිකයින් පිරිසකගෙන් ද මැණික් පතල් කරුවන් පිරිසකගෙන් ද ජෛව සාම්පල ලබාගෙන ඇතැයි රත්නපුර ශික්ෂණ රෝහලේ ආරංචි මාර්ග පවසයි.
කොව්ඩ් 19 වෛරසය ආසාදිත බවට රත්නපුර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් පස් දෙනෙකු හඳුනාගත් අතර ඔවුන් සියලුම දෙනා එකම පවුලේ සාමාජිකයෝ වෙති. ඒ රත්නපුර මුද්දුව මැණික් ව්‍යාපාරිකයාගේ බිරිඳ, දියණිය, පුතු සහ මව වේ. රත්නපුර සහ පැල්මඩුල්ල අවදානම් කලාප ලෙස නම් කිරීමෙන් පසුව ඇඳිරි නීතිය දිගටම පනවා තිබේ.
