Update at 10.40 PM
කොරෝනා වෛරසය ආසාදිත තවත් රෝගීන් 7 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, දැනට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 210 දක්වා ඉහළ යනු ඇති.
එසේම, තවත් එක් රෝගියෙකු සුවය ලබා ඇති අතර දැනට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 56 ක් වේ.
Update at 2.00 PM
මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 203 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, මේ වන විට තවත් රෝගීන් හතරදෙනෙකු වාර්තා වීමත් සමඟයි.
ඒ අනුව, දැනට රෝගීන් 141 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල පසුවන අතර තවත් 55 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.
___________________________________________________________________________
මෙරටින් වාර්තා වූ මුළු නව කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන 199ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරයි. ඒ, ඊයේ (11) රාත්‍රියේ දී තවත් කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයෙකු හඳුනා ගැනීමත් සමඟයි.
දැනට ආසාදිත පුද්ගලිය්න 54 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.
එසේම, රෝගීන් 138 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ගනිමින් සිටින අතර තවත් 224 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි.
