ලොව පුරා පැතිර යන නව කොරෝනා වෛරසය නිසා ඉන්දියාව දින 21 ක කාලයක් පුරාවට වසා දැමීමට එරට රජය තීරණය කළා. නමුත්, පවතින තත්ත්වය පිළිබඳව සැලකිල්ලට නොගනිමින් ඇඳිරි නීතිය පනවා ඇති තත්ත්වයක වුවද එරට පුරවැසියන් රජයේ අණට කීකරු නොවී කටයුතු කිරීම සමාජ මාධ්‍ය තුළ ද දක්නට ලැබුණි.
මේ පිළිබඳව සැලකිල්ලට ගනිමින් ඉන්දියාවේ ජනප්‍රියතම හා සිනමාවේ දැවැන්තයින් විසින් ජනතාවට නිවෙස්වලට වී සිටින ලෙස ඉල්ලමින් අපූරු සිනමා නිර්මාණයක් ඉදිරිපත් කර ඇත. Family නමින් නම් කර ඇති මෙම කෙටි චිත්‍රපටියේ විශේෂත්වය වනුයේ නිර්මාණයට දායක වූ කිසිදු නළුවෙක් හෝ නිළියක් තම නිවස තුළ සිටියදීම එය රූගත කර තිබීමයි.
එම නිර්මාණය සඳහා, අමිතා බච්චන්, රජිනි කාන්ත්, මෝහන් ලාල්, රන්බීර් කපූර්, ප්‍රියංකා චොප්රා, ආලියා බාත් ඇතුළු නළු නිළියන් රැසක් දායක වී තිබේ.
එම වීඩියෝව පහතින් දැක්වේ.
